• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට – ඇමැති කංචන

24 October 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි බිල මින් ඉදිරියට මාස 03කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර මහතා ” පසුගිය සතියේ මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඔක්තෝම්බර් 21 වනදා සිට, ඉදිරි මාස කිහිපය සඳහා පැවති ගාස්තු සංසන්දනය කර සියයට 18කට ආසන්න සංඛ්‍යාවකින් ගාස්තු සංශෝධනය කළා. මෙම මිල සංශෝධනය සඳහා රජයේ ප්‍රතිපත්තිය තීරණය වුණේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අනුවයි. ඊට අනුව කිසිම රාජ්‍ය ව්‍යාපාරයක් මහාභාණ්ඩාගාරය මඟින් මුදල් ආයෝජනය කර එහි අලාභ පියවීමට හැකියාවක් නැහැ. ඒ අනුව විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව සඳහා විශේෂ මිල සූත්‍රයක් සකස් කෙරුණා. එසේම විදුලිබල මණ්ඩලයට ගාස්තු සංශෝධන කළ හැකි වන්නේ, අවුරුද්දට දෙවතාවක් පමණක් බවට සමාජයේ වැරදි මතයක් තිබෙනවා. නමුත් හදිසි අවස්ථාවලදී ගාස්තු සංශෝධන කරන ලෙස ඉල්ලීමේ හැකියාව විදුලිබල මණ්ඩලයට තිබුණා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා හිමිවුණේ ඒ අනුවයි. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය ගැනත් සඳහන් කළ යුතුයි. පසුගිය සමයේ ඒ සඳහා වන අපගේ යෝජනා නීති කෙටුම්පත් කාර්යාලයට ලබා දුන්නා‍. නීති කෙටුම්පත් කාර්යාලය එය සකස් කර නීතිපතිවරයාට යොමු කර තිබෙනවා. මෙම සතිය තුළ ඒ සඳහා අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බව පසුගිය අඟහරුවාදා නීතිපතිවරයා විසින් මා වෙත දැනුම් දුන්නා. ඒ අනුව එලැඹෙන සතියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වන විට අධික වැසි තත්ත්වයක් ඇතිව තිබෙන නිසා ගාස්තු සංශෝධනයක් අවශ්‍යද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතිනවා. මම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කය වගේම ඊට ආසන්න ගාල්ල දිස්ත්‍රික්කය ද ගංවතුර තත්ත්වයත් ගම්පහ දිස්ත්‍රික්කයත් ගංවතුර තත්ත්වයට මුහුණ දුන්නා. නමුත් ජල විදුලිය නිෂ්පාදනය කරන සමනල වැව, වික්ටෝරියා සහ රන්දෙනිගල වැනි ප්‍රධාන ජලාශ තවමත් තිබෙන්නේ පැවති සීමාවලයි. අපි වෙනදට දකින වර්ෂාපතනය එම ප්‍රදේශවලට ලැබී නැ. අද වන විට ජලාශවල තිබෙන ධාරිතාවෙන් අපට භාවිතා කිරීමට හැකියාව ඇත්තේ 65.81%ක් පමණයි. නමුත් 2022 ඔක්තෝම්බර් මාසයේ 22 වනදා වනවිට ජලාශ වල පැවති ජල ධාරිතාවෙන් 84.41% භාවිත කිරීමට හැකියාව තිබුණා. මේ තත්ත්වය සංසන්දනය කිරීමේදී 20% ක පමණ පරතරයක පවතිනවා. ඒ වගේම 2022 වර්ෂය වනවිට අපට අයත් ජලාශවලින් පමණක් ජල – විදුලිය ගිගාවොට් පැය 5364 ජනනය කර තිබෙනවා. 2021 වර්ෂයේ දී ගිගාවොට් පැය 5639ක් ජනනය කර තිබෙනවා. නමුත් මේ වසරේදී ඔක්තෝම්බර් මාසයේ 22 වනදා වන විට අප ජනනය කර ඇති ගිගාවොට් ප්‍රමාණය 2893ක් පමණයි. පසුගිය වර්ෂ දෙකට සාපේක්ෂව බැලුවහොත් මේ වසරේ ජනනය කර ඇත්තේ එම ප්‍රමාණයෙන් අඩක් පමණයි. මේ වසර අවසන් වීමට තවත් ඇත්තේ දින 70ක් පමණයි. දැන් එම ප්‍රදේශවලට වැසි ලැබුනත් එම ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් අපට තවමත් නැහැ. ඒ අනුව අවශ්‍ය විදුලිය ප්‍රමාණය සැපයීමට නම් විකල්ප වෙත යොමු වීමට සිදුවෙනවා යැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

වනඅලි ගැටළුව ගැන ඇමැති පවිත්‍රා එක්ක සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නවා – මන්ත්‍රී දුමින්ද

Next Post

මාතලේ සුලු අපනයන බෝග වගාවන් වෙනුවෙන් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට පියවර – රාජ්‍ය ඇමැති රෝහණ

editor

editor

Next Post

මාතලේ සුලු අපනයන බෝග වගාවන් වෙනුවෙන් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට පියවර - රාජ්‍ය ඇමැති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved