• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සම්පූර්ණයෙන්ම අවසන් කරනවා – ඇමති ප්‍රසන්න

23 October 2023
in දේශීය

ඉදිරි වසර තුන ඇතුළතදී උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

‍අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම පළාත්වල මේ වනවිට අවතැන්වූ පවුල් 274,120ට අයත් පුද්ගලයන් 917,143 දෙනෙකු පදිංචිකර අවසන් බවයි.

ඒ අනුව තවදුරටත් පවුල් 1,701ට අයත් පුද්ගලයන් 4,999 දෙනෙකු නැවත පදිංචි කිරීමට සිටින බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මන්නාරම, එරුක්කලම්පෙට්ටි “Kuwait Zakath” නිවාස ගම්මානය – දෙවැනි අදියර සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (22) දින සහභාගී වෙමිනි.

මෙම නිවාස ගම්මානය නිවාස 125 කින් සමන්විත වන අතර මෙය ඉදි කෙරෙන්නේ “කුවේට් සකාත් හවුස්” ආයතනයේ මූල්‍යාධාර මතයි. මෙහි එක් නිවසක් ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ 18 ක මුදලක් ලබාදෙනු ලැබේ.
නිවාස 75 කින් සමන්විත මෙහි පළමු අදියර මීට පෙර විවෘත කෙරිණ. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 105කි.

තිස්වසරක එල්.ටී.ටී.ඊ යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූ ජනතාව වෙනුවෙන් නිවාස අවශ්‍යතාවය 20276කි.

යුධ සමයේදී සරණගතයන් ලෙස ඉන්දියාවට සංක්‍රමණයවූ පවුල් 3828කට අයත් පුද්ගලයන් 9683 දෙනෙකු මේ වනවිට මව්බිමට පැමිණ තිබේ. අවතැන්වූවන්ට නිවාස ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ එම පවුල් සඳහාද නිවාස ලබාදීමට නියමිත බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

එහිදී මොවුන්ට අවශ්‍ය නිවාස මෙන්ම ජලය ,විදුලිය, වැසිකිලි පහසුකම් ඇතුළු මූලික යටිතල පහසුකම් ලබා දීම ද සිදු කෙරේ.

ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටි උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත ඔවුන්ගේ මුල් ගම්බිම් වල පදිංචි කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සංවිධානය හා සම්බන්ධීකරණය කිරීම සිදු කරනු ලබන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශය මඟිනි.

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය කුවේට් තානාපති බදර් අල්නෝ වයිම්,කුවේට් සකාත් හවුස් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මජීඩ් එස්.එම්.එස්. අලසෙමි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, මන්නාරම දිස්ත්‍රික් කළමනාකරු මොහොමඩ් ඊබ්‍රහිම් මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 10
Previous Post

විදෙස් ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වන්නට තිබූ අවසරය අවභාවිත කිරීම ගැන පරීක්ෂණක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

වනඅලි ගැටළුව ගැන ඇමැති පවිත්‍රා එක්ක සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නවා – මන්ත්‍රී දුමින්ද

editor

editor

Next Post

වනඅලි ගැටළුව ගැන ඇමැති පවිත්‍රා එක්ක සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නවා - මන්ත්‍රී දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved