නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා වන සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වා තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න සහ බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහනේ අධ්‍යක්ෂවරයාගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා යොදවා සිටින පුහුණුව ලත් හමුදා සෙබලුන් ගණන 500ක් දක්වා වැඩිකර ගැනීමටත්, එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සෙසු පහසුකම් සපුරාලීමටත් මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත. ලෝකයේ ඉතාමත් සාර්ථක බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහනක් ලෙස සැලකෙන මෙම වැඩසටහන කඩිනම් කිරීම මඟින් ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















