27 April 2024
#දේශීය

භාවිතයෙන් ඉවත්කල බස් රථ සාගරයේ තැන්පත් කරනවා – ධිවර අමාත්‍ය ඩග්ලස් 

මෙරට සාගර කලාපයේ මත්ස්‍ය ගහණයෙහි විශාල අඩුවක් පවතින බව නාරා ආයතනය හා නොර්වේ රජය එක්ව පරීක්ෂණ නෞකාවක් යොදා කිනිම් කරන ලද පරීක්ෂණයේ අනාවරණ වී ඇති බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

ඒ අනුව එයට හේතු වශයෙන් එම කණ්ඩායම් පෙන්වා දී ඇත්තේ මෙරට සාගර කලාපයේ මත්ස්‍ය අභිජනනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී නොතිබීමත් එම හේතුව තුළ අභිජනනය වන මත්ස්‍ය පැටවුන් විනාශ වීමත් යන තර්ජනයන් තුළ මෙන්ම සාගර කලාපයේ මත්ස්‍ය ගහණය අඩු වීමට හේතු වී ඇති බවයි.

සාගර කලාපයේ මත්ස්‍ය ධාරිතාව වැඩි කිරීම සදහා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් මත ධිවර දෙපාර්තමේන්තුව ධිවනයෙන් ඉවත් කරන ලද ලංගම බස් රථ හා දුම්රිය මැදිරි සාගර කලාපයේ ස්ථාන තෝරා ගෙන කෘතිම අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ පසුගිය 11 වනදා උතුරු මුහුදේ ස්ථාන කිහිපයක් සදහා සයුරි නෞකාව උපයෝගී කර ගනිමින් භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ තැන්පත් කිරීම සිදුවිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *