• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුරස්ථ අධ්‍යාපනය ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක් සහිත රූපවාහිනී නාලිකා මගින්

7 September 2021
in දේශීය

නවීන තාක්ෂණික පහසුකමින් පිරි අධිවෙහි අන්තර්ජාල සබඳතා වලින් සන්නද්ධ මෙම මධ්‍යස්ථානය මඟින් ජාතික අධ්‍යාපනය ආයතනය සකසන සියලු විෂයානුබද්ධ වැඩසටහන් නියමිත කාලසටගතකට අනුව විෂය නිර්දේශයන් ආවරණය වන පරිදි රූපවාහිනී නාලිකා හා වෙබ් නාලිකා වෙත සම්ප්‍රේෂණය කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම වැඩසටහන් වල ගුණාත්කෙ බව හා පෙළගැස්ම විෂය අධ්‍යක්ෂවරුන්ගේ නිරන්තර අධීක්ෂණය මෙම මධ්‍යස්ථානය තුළ සිදුවන අතර තාක්ෂණික දෝෂ ද මෙහිදී නිරාකරණය කිරිමට පහසුකම් සලසා තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත මෙම මධ්‍යස්ථානය වසංගත තත්තවය අවසන් වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කර ඇත. මෙමගින් අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ටද රූපවාහිනිය මගින් සිය අධ්‍යාපන කටයුතු නිවසේ සිටම හැදෑරීමට අවස්ථාව හිමි වන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසිය.

ඉදිරියේ දී දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි චිත්‍රාගාර පහසුකම් සැපයීමට නියමිතය අතර දැනට ක්‍රියාත්මක රුපවාහිනී නාලිකා ද්විත්වයට අද තවත් නාලිකා ද්විත්වයක් එක්වන අතර ජනවාරි වන විට නාලිකා සංඛ්‍යාව 10 ක් වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසිය.

එම අවස්ථාව සමාරම්භයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ අදහස් පල කළේය “රටේ ඉතාම වැදගත් පරිච්ඡේදයකට අපේ අධ්‍යාපනය දැනුම දරුවන්ට ලබාදීම සඳහා පිවිසෙන අවස්ථාවක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ ආරම්භ කළ ණැනස ව්‍යාපෘතිය යටතේ ඇරඹි ඕනෑම අර්බුධයක් හරහා ගමන් කිරීමේ අධිෂ්ඨානයට පාවිච්චි කළ හැකි සෑම උපාංගයක්ම පාවිච්චි කිරීම සඳහා නිර්මාණශීලිව ඇති කළ මෙවැනි වැඩපිළිවෙලයන්ට අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙල ආශීර්වාදයක් ශක්තියක් ලබා දී තිබෙනවා. මෙය අධ්‍යාපනයට පමණක් නොව මුලු රාජ්‍ය ක්ෂේත්‍රයටම තොරතුරු තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන ගමන් කිරීමට හැකි අවස්ථාවකට පැමිණ තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තොරතුරු තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනය දරුවන් වෙත රැගෙන යාමේ තවත් එක් සාර්ථක ආරම්භයක් ලෙස මෙය හැඳින්විය හැකි යි, රටේ පවතින වර්තමාන ව්‍යසනය හමුවේ මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීම මඟින් වර්තමානයේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවය සපුරාලීමට පිටිවහලක්. ජාතික අධ්‍යාපන ආයතනය සහ ණැනස ව්‍යාපෘතිය ඒකාබද්ධව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදු කරන මෙම ක්‍රියාවලිය තුළ මෙරට සිටින ප්‍රවීණ ගුරු මණ්ඩලයක් මගින් සකසන ලද පාඩම් මාලා නාලිකා කිහිපයක් මගින් විකාශනය කිරීම වර්තමාන තත්ත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාගය ගත් තවත් සාධනීය ක්‍රියාවලියක් බව ප්‍රකාශ කළ යුතුයි”

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ක්‍රීඩා, තරුණ කටයුතු සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාප්පක්ෂ, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවල්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගොචාර්ය කපිල පෙරේරා අධ්‍යාපන
ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් උපාලි එම්. සේදර යන මහත්ම මහත්මින් මෙම අවස්ථාවට එක්විය.

 

Post Views: 21
Previous Post

මහජන ආරක්ෂක ආඥා පනතට අනුව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට, අදාළ නිලධාරීන්ට නියෝග දිය හැකියි

Next Post

කැම්සෝ ලෝඩ්ස්ටාර් වෙතින් කොවිඩ් මර්ධනයට රු.මි. 40ක අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ

editor

editor

Next Post

කැම්සෝ ලෝඩ්ස්ටාර් වෙතින් කොවිඩ් මර්ධනයට රු.මි. 40ක අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved