27 April 2024
#දේශීය

අඩුආදායම් නිවාස සීයක් සඳහා ගෙවතු බීජ බෙදා දීම මන්ත්‍රී මධුරගේ ප්‍රධානත්වයෙනි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යය දැක්ම යටතේ හදුන්වා දුන් වගා සංග්‍රාම වැඩසටහනට අනුව ගෙවතු බීජ වගා ව්‍යාපෘතියේ පළමු අදියර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතාන මහතා විසින් කෝට්ටේ නගරයේ අඩුආදායම් නිවාස සීයක් සඳහා ගෙවතු බීජ බෙදා දීම අද (26) පෙරවරුවේ සිදු කෙරිණි.

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගම විසින් මෙම ගෙවතු වගා බීජ ව්‍යාපෘතියේ පූර්ණ මුල්‍ය දායත්වය දායකත්වය ලබා දෙනු ඇති.

එමෙන්ම මෙහිදී එළවළු බීජ ඇට සහ පැල ,මැටි පෝච්චි මෙන්ම කොම්පෝස්ට් පොහොර ලබා දීමට කටයුතු යොදා තිබිණි.

මෙහි විශේෂත්වය වන්නේ අඩු ආදායම් නිවාස වල ජීවත් වන ජනතාව දිරි ගැන්වීමක් ලෙස මාස 03 කට පසු වගා කළ බීජ පැල සඳහා නිසි ඇගයීමක් සිදු කර , ඔවුන් හට මුදල් තාග්‍ය පිරිනැමීමට කටයුතු කර තිබීමයි.

මෙම අවස්ථාවට ග්ලොබල් ලයිෆ්ස්ටයිල් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ආචාර්ය සෝලා මහතා, සහ අලෙවිකරණ හා පුහුණු කළමනාකරු ජූඩ් පෙරේරා යන මහත්වරුන් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *