‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මත්ස්‍ය වගාකරුවන් සහ මත්ස්‍ය පැටවුන් බෝ කිරීමේ සංගම් සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම ඊයේ (24) මඩකලපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී හානියට පත් ප්‍රතිලාභීන් 31 දෙනෙකු සඳහා රුපියල් මිලියන 14.25 ක මුදලක් සහ මත්ස්‍ය පැටවුන් බෝ කිරීමේ සංගම් 5 ක් සඳහා රුපියල් මිලියන 1.75 ක මුදලක් සහිත චෙක්පත් පිරිනමන ලදී. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. අරුල්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
















