‘දිට්වා’ ආපදාවෙන් විනාශ වූ ධීවර වරාය ඉදිකිරීම, ජීවනෝපාය මාර්ග යථාවත් කිරීම සහ පීඩාවට පත් ධීවර ජනතාවට බෝට්ටු හා දැල් ආම්පන්න ලබාදීම සඳහා රුපියල් මිලියන 189ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියේ ප්‍රගතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්ව තිබේ.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී මෙම කරුණු සාකච්ඡා වී ඇත.
මීට අමතරව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ෆයිබර් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම, මයිලඩි හා ගන්දර ධීවර වරාය සංවර්ධනය, රැකව නැංගුරම්පොළ සහ කරෛයිනගර් බෝට්ටු අංගනය නවීකරණය ඇතුළු ව්‍යාපෘති ගණනාවක ප්‍රගතිය මෙන්ම NAQDA, NARA, CFHC සහ CFC ඇතුළු ආයතනවල වියදම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කර තිබේ.














