අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් (Binoculars) ඇය දෙස නිරීක්ෂණය කළ බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනා හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හෙට දිනයේදී සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරයන් වන අතර, කිංනියා සහ මොල්ලිපොතාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.














