• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේ රටේ ආණ්ඩුව දීනයි – ජවිපෙ විජිත කියයි

23 August 2018
in දේශීය

ඕනෑම රටක ආණ්ඩුවක් තමන්ගේ ජාතික වුවමනාව තේරුම් ගනිමින් එයට ප‍්‍රමුඛතාවය දෙන නමුත් අපේ රටේ ආණඩුව ඉතාම දීනවෙලා ඇමරිකාව, චීනය, ඉන්දියාව, ජපානය වැනි රටවල වුවමනාවන් ඉටුකරන තත්වයකට පත්වෙලා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (23) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. 

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ පහුගිය පාලන කාලයේදී ගෝඨාභය රාජපක්‍ෂ මැදිහත් වෙලා ඇමරිකාව සමඟ ආරක්‍ෂක හරස් ගිවිසුමක් අත්සන් කළ බවත් එමගින් ඇමරිකානු හමුදාවට ශී‍්‍ර ලංකා භූමියේදී සියලූම පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාකරලා දෙන  අතර එම ගිවිසුම දේශද්‍රෝහී, ජනතාද්‍රෝහී ගිවිසුමක්. වසර 10කට අත්සන් කරපු එම ගිවිසුම කාලය ඉකුත් වූ පසුව මෙම ආණ්ඩුව නැවත දීර්ඝ කළා. ඒ නිසා අපේ රටේ සියලූම ආණ්ඩු රටවල් ඉදිරියේ දණ ගහලා ඔවුන්ගේ වුවමනාවල් ඉටුකරගැනීමට ඉඩ ලබාදෙන බව ද හෙතෙම කියා සිටියේය.

එහිදී විජිත හේරත් මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” මාධ්‍ය මර්දනය කිරීම විවිධ ආකාරයෙන් සිදුවෙනවා. මාධ්‍යයට තර්ජනය කරලා මෙන්ම මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට කප්පම් ලබාදීලත් කරන්නේ මාධ්‍ය මර්දනය කිරීමක්ම තමයි. තවත් අවස්ථාවලදී විවිධ නීති පැනවීම මගින් ආණ්ඩු මාධ්‍ය මර්දනය කරනවා. පැවති ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් මාධ්‍ය මර්දනය කරනවා. ජනාධිපති විවේචනය කළා කියලා ටී.එන්. එල්. ආයතනයේ විකාශන මධ්‍යස්ථානය පහුවදාම විකාශනය නැවැත්වුවා. ඒ නිසා අපේ රටේ හැම ආණ්ඩුවක්ම මාධ්‍ය මර්දනය කරනවා. ආණ්ඩුව පත්වුණු මුල් කාලයේදී මාධ්‍ය මර්දනය අඩු වුවත් ආණ්ඩුවේ අවසාන කාලය වන විට ආණ්ඩුවට එරෙහිව විවේචන වැඩිවන විට මාධ්‍ය මර්දනය වැඩිකරනවා.  යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

Post Views: 7
Previous Post

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පිළිබඳ අද පක්ෂ නායක රැස්වීමක්

Next Post

රජයේ සංවර්ධන සංග‍්‍රාමය වෙනුවෙන් ‘සංවර්ධන වාසනාව’ විශේෂ ලොතරැයියක්

editor

editor

Next Post

රජයේ සංවර්ධන සංග‍්‍රාමය වෙනුවෙන් ‘සංවර්ධන වාසනාව’ විශේෂ ලොතරැයියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved