දියවන්නා ඔය ජලාශයේ ලියාපදිංචි ධීවර කාර්මිකයින්ගේ ධීවර කටයුතුවලට බාධාවන අයුරින් සිදුකරනු ලබන අනවසර ධීවර ක්රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2026 සැප්තැම්බර් 07 වන දින වැලිකඩ පොලිස් ස්ථානයේදී පවත්වන ලදී.
මෙහිදී දියවන්නා ඔය එක්සත් ග්රාමීය ධීවර සංවිධානයේ සාමාජිකයින් සහ අනවසර ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයින් පොලිස් ස්ථානය වෙත කැඳවා, අනවසර ධීවර කටයුතුවලින් සිදුවන බලපෑම් සහ අදාළ නීති හා රෙගුලාසි පිළිබඳව දැනුවත් කර අවවාද කර ඇත. වැලිකඩ පොලිස් ස්ථානයේ ප්රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ කොළඹ දිස්ත්රික් ජලජීවී වගා ව්යාප්ති කාර්යාලයේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක කර තිබේ.
















