අප්රිකානු රාජ්යයක් වන ජිබුටියේ ඔබොක් වරාය නගරයට ඔබ්බෙන් සංක්රමණිකයන් රැගත් යාත්රාවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය අය අතර ළමුන් 15 දෙනෙකු ද සිටින බව ජාත්යන්තර සංක්රමණ සංවිධානය (IOM) සඳහන් කරයි.
ඔක්තෝබර් 8 සහ 9 යන දින අතර රාත්රියේ සිදුවූ මෙම අනතුරේදී, යාත්රාව ජිබුටියේ සිට යේමනය බලා ගමන් කරමින් තිබී ඇත. එහි පුද්ගලයන් 305 දෙනෙකු සිටි බව වාර්තා වේ.
අනතුරෙන් දිවි ගලවාගත් 82 දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් 84 දෙනෙකු අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරයි. අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්රියාත්මක කර ඇති අතර දිවි ගලවාගත් අයට සහාය ලබාදීමට ද බලධාරීන් කටයුතු කරමින් සිටිති.
මෙම මුහුදු මාර්ගය හරහා අප්රිකාවේ සිට යේමනයට ගමන් කරන සංක්රමණිකයන් මුහුණ දෙන අනතුරුදායක තත්ත්වය මෙම සිදුවීමෙන් යළිත් ඉස්මතු වී තිබේ.
















