• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමාරුවේ දන්නේ නෑ …. බය වෙන්න එපා …. ! – ඇමැති වජිර

27 September 2018
in දේශීය

ඩොලරය රුපියල් දෙසීයට ගිය ද කලබලවිමට අවශ්‍ය නොමැති බවත් ඇමෙරිකාව තමන්ගේ ඩොලරය බලසම්පන්න කරන බවත් එය මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා අද (27) යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් ලක්ෂ 20 බැගින් වැයකර ඉදිකරන ලද යක්කලමුල්ල සහ මාගෙදර නැගෙනහිර නිල සෙවණ කාර්යාල දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් කියා සිටියේ මේ ලෝක තත්ත්වය තේරුම් අරගෙන අපි ආර්ථිකය හසුරුවන බවත් මේක පාලනය කරගන්න පිටරට සල්ලි තියාගෙන ඉන්න අයට ඒ සල්ලි ගේන්න අවස්ථාව නොදෙන බවයි.

එහිදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ මම හිතනවා මේ තත්ත්වය පාලනය කරන්න පිටරටවල සල්ලි තියාගෙන ඉන්න අපේ අයට බදු නැතිව, ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතිව ඒ සල්ලි ලංකාවට ගේන්න අවස්ථාවක් දෙන්න ඕන කියලා. අවුරුදු 30 ක් 40ක් පිටරටවල ඉදලා හොඳට හම්බකරපු අය ඉන්නාව තමන්ගේ සල්ලි රටට ගේන්න කැමති නැහැ. ඒ සල්ලි මේ රටට ගේන්න අවසර දෙන්න ඕනෑ. පරීක්ෂා කරන්නේ නැතිව කොහෙන් හරි කමක් නෑ සල්ලි ආවම ඩොලරය බහීවි. මම කියන්නේ අදහසක්. එය හොඳ විකල්පයක් වේවි. ලෝකේ කොහෙන් හරි සල්ලි ගෙනත් මේ ඩොලරය අපිට පාලනය කරන්න පුළුවන් වේවි. ඒකට පක්ෂ විපක්ෂ හැමෝගෙන්ම සහයෝගය ඕනෑ.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා යක්කලමුල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

 

Post Views: 9
Previous Post

සුසන්තිකාට ක්‍රිඩා අමාත්‍යංශයේ තනතුරක්

Next Post

පෞද්ගලික පංති නිසා අද නිර්මාණශිලිත්වයට ඉඩක් නෑ – ඇමැති මංගල

editor

editor

Next Post

පෞද්ගලික පංති නිසා අද නිර්මාණශිලිත්වයට ඉඩක් නෑ - ඇමැති මංගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved