• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්වසන රෝග ලක්ෂණ තිබෙනවා නම් සමාජයට එන්න එපා – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි

6 October 2020
in දේශීය

යම්කිසි කෙනෙකුට ශ්වසන රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී වෛද්‍යවරයා කියා සිටියේ ශ්වසන රෝග ලක්ෂණ ඇති අයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට පෙර හොඳින් දෑත් සබන් යොදා සෝදා මුඛ ආවරණයක් පැළඳ ගෙන යායුතු බවයි. එසේම රෝහලට යන විට පොදු ප්‍රවාහන සේවා පරිහරණය නොකළ යුතු අතර පෞද්ගලික ප්‍රවාහන පහසුකම් නොමැති නම් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ට දැන්විය යුතු බවත් එවිට ඔවුන් එම පහසුකම් සලසනු ඇති අතර කිසිම ලෙසකින් සමාජයට එන්න එපා කියා අප ඔවුන්ගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටින බව වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.

 

මෙම මාධ්‍ය හමුවේදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පහත පරිදි වේ.

කොවිඩ් 19 වසංගතයේ යථා ස්වභාවය ඔබ හැම දකින්නට ඇති. අප සටන් කරන්නේ වෛරසයක් සමග. එම වෛරසය අප මනාව පාලනය කළත් ඕනෑම මොහොතක සමාජයට එය කාන්දු විය හැකියි. මේ දක්වා මේ රටේ කොවිඩ් 19 රෝගීන් හමුවුණේ පොකුරු වශයෙන්. සුදුවැල්ල සහ බණ්ඩාරනායක මාවතේ කුඩා පොකුරු අප දුටුවා. ඒ වගේම විදේශගත වී පැමිණෙන අය සිටින ස්ථානවලත් හමුවුණා. විශාලම පොකුරු අප දුටුවේ වැලිසර නාවුක හමුදා කඳවුරේ සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ. එතැන අපට තිබුණු වාසිදායක තත්ත්වය තමයි, ඔවුන් සියල්ලෝම සිටියේ සංවෘත පරිසරයක වීම. එතැනදී බාහිර පරිසරය සමග තිබුණු ගනුදෙනු ඉතාම අවමයි. ඒ නිසා සමාජයට පැතිරීමට තිබුණු හැකියාව බොහොම අඩුයි. එසේ තිබියදීත් අප දුටුවා වැලිසර හමුදා කඳවුරේ පිරිස් නිවෙස් වලට ගොස් පවුල් වලත් යම් පිරිසක් ආසාදනය වී තිබුණා. එහෙත් අපට එය පාලනය කරගත හැකි වූවා.

ඒ හා සමාන තත්ත්වයක් තමයි මෙතැනදීත් සිදු වී තිබෙන්නේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව මෙතැන පොකුරක් සෑදී තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාවේ PCR පරීක්ෂණ කළ පිරිසගෙන් සාමාන්‍යයෙන් 100 දෙනෙකු පමණ පරීක්ෂා කරන විට, 69 දෙනෙකු ආසාදිත බව තහවුරු වුණා. පළමු රෝගියාත් ඇයගේ දියණියත් ගත් විට මෙතැන රෝගීන් 71 දෙනෙකු සිටිනවා. මෙතැන ප්‍රධාන කාරණයක් තිබෙනවා රෝගියා හඳුනාගැනීම සම්බන්ධව. මේ ලෙස රෝගියා හඳුනාගන්නේ අප දියත් කර තිබුණු ක්‍රමවේදයත් සමග. අප ක්‍රමවේදයක් සකස් කර තිබුණා රටේ හඳුනාගත් ප්‍රධාන රෝහල් සියල්ලකම බාහිර රෝගී අංශයට පැමිණෙන කොවිඩ් රෝගයට සමාන ශ්වසන රෝග වලින් පෙළෙන රෝගීන්ගෙන් නියැදියක් ලබා ගෙන PCR පරීක්ෂණ කිරීමට. ඒ අයුරින් දිගින් දිගටම සිදුකරනු ලැබුවා. ඒ අයුරින් තමයි මේ කාන්තාව 28 වනදා රෝග තත්ත්වයක් ඇති වී 30 වනදා ගම්පහ රෝහලට පැමිණෙන්නේ. එහිදී ඇයට සිදු කළ PCR පරීක්ෂණ වලින් තමයි ඇය ආසාදිත බව දැනගන්නේ. ඒ අනුව අප විසින් එළා තිබුණු දැල නිසා තමයි මේ තත්ත්වය හඳුනාගන්නේ. එය සාධනීය තත්ත්වයක්.

මෙතැන බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ගත්විට එතැනත් එක් කාණ්ඩයක් තමයි සිටින්නේ. නමුත් එතැන අනිත් පොකුරු වලට වඩා තිබෙන වෙනස තමයි, මෙතැන නිවෙස්වල සිට පැමිණෙන පිරිසක් සිටිනවා. ඔවුන් තවත් නිවෙස්වලට යන එනවා. මෙය සිදුවන්නේ ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් තිබෙන දිස්ත්‍රික්කවලින් එකක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ. මෙවැනි තැනක කෙනෙකු සමාජයට යන විට ඒ තැනැත්තා හා සමාජය ගැටෙන ප්‍රමාණය ඉතාමත්ම වැඩියි. එතැන එම ගැටලුව තිබෙනවා.අනෙක් ගැටලුව තමයි, පසුගියදා දිගු නිවාඩුවක් තිබුණා. ඇඟලුම් කම්හලේ සේවය කළ ඇතැම් අය ගම් කරා ගොස් තිබෙනවා. එවිට එම නිවෙස්වල ආසාදිත වූවන් සිටිය හැකියි.

අනෙක් කරුණ තමයි අප තවම දන්නේ නැහැ මෙම කර්මාන්ත ශාලාවට කොවිඩ් 19 රෝගය ආවේ කෙසේද යන්න පිළිබඳව. අප තවමත් මේ ගැන විමර්ශනය කරන මට්ටමේ සිටින්නේ. මෙහිදී සමාජයට පැතිරීමට ඇති අවදානම වැඩියි. ඒ නිසා අපට ක්‍රියාත්මක වෙන්න ඇති ප්‍රමාණය වැඩියි. අප මේ රෝගීන් 69 දෙනාව හඳුනාගත්තාට පසු ඒ අයගේ ආශ්‍රිතයින්ද හඳුනාගන්නට සිදු වෙනවා. ඒ අයවත් නිරෝධායනය කරන්නට සහ PCR පරීක්ෂණ සිදු කරන්නට සිදු වෙනවා. ඒ තත්වයත් සමග තමයි අපට ඉදිරියේදී තීරණය කරන්න සිදුවන්නේ කොයිතරම් දුරටක ව්‍යාප්ත වීමක් තිබේද කියා.

අපි මෙහිදී කරුණු දෙකක් කියනවා. එකක් තමයි මෙම බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ එහි සේවය කළ කෙනෙකු හෝ ආගිය කෙනෙකු කොහේ හෝ සිටිනවා නම් අප ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා කොහේවත් සංචාරය නොකොට නිවෙසට වී සිටින ලෙස හා තමාගේ බ්‍රැන්ඩික්ස් ආයතනය හා තිබුණු සම්බන්ධතාවය කුමක්ද කියා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙස. එවිට එම නිලධාරීන්ට ඔවුන් PCR පරීක්ෂණයට ලක් කළ යුතු නිරෝධායනය කළ යුතු අයෙකුද කියා තීරණය කළ හැකියි. එය මේ රෝගය පාලනයට වැදගත් වෙනවා. ලංකාවේ කොහේ සිටියත් ඔවුන් හඳුනා ගැනීමට හැකි වෙනවා.

ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට විශේෂයෙන්ම එවැනි කෙනෙකුට ශ්වසන රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි ඒ සඳහා රෝහලකට යන විට හොඳින් දෑත් සබන් යොදා සෝදා මුඛ ආවරණයක් පැළඳ ගෙන යායුතුයි. රෝහලට යන විට පොදු ප්‍රවාහන සේවා පරිහරණය නොකළ යුතු අතර පෞද්ගලික ප්‍රවාහන පහසුකම් නොමැති නම් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ට දැන්විය යුතුයි. එවිට ඔවුන් එම පහසුකම් සලසනු ඇති. මේ අවස්ථාවේදී කිසිම ලෙසකින් සමාජයට එන්න එපා කියා අප ඔවුන්ගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා.

අප තවම මේ රෝගයේ ව්‍යාප්තිය ගැන දන්නේ නැහැ. අප තවම ඉන්නේ හඳුනා ගැනීමේ මුල් අවධියේ. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ගමන් බිමන් සීමා කරන්න. තම නිවෙස් වල රැඳී සිටින්න. අප දැනටමත් පොලිස් බල ප්‍රදේශ තුනක නිරෝධායන ඇඳිරි නීතිය පණවා තිබෙනවා. නමුත් අනෙක් ප්‍රදේශ වල අයත් තම ගමන් බිමන් සීමා කරන්න. විශේෂයෙන්ම කෙනෙකුට උණ, කැස්ස, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ තිබේ නම් කරුණාකර පෙර කී ආකාරයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. නැතිනම් නිවෙස් වල සිට අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු සලසා ගත හැකියි. අප කරන කටයුතු මගින් මෙම පොකුර පාලනය කර රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගත හැකියි.

මෙහිදී, කොවිඩ් 19 සමාජගත වී ඇතිද යන්න තවත් කරුණක්. රෝගය සමාජගත වෙනවා යනු රෝගීන් එක් එක් ස්ථාන වලින් වාර්තා වීම හා ඔවුන්ගේ සම්බන්ධයක් හඳුනා ගත නොහැකි වීම. අප නොදැනුවත්ම එය පැතිරීම. දැනට ඇති සාධක අනුව එසේ කියන්න සාධකයක් නැහැ. අප 71 කණ්ඩායමක් හඳුනා ගත්තා. එය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ඇසුරේ ඇති පොකුරක්. එය සමාජගත වෙනවාද යන්න තීරණය වන්නේ ඉදිරියේදී අප කරන PCR පරීක්ෂණ වලින් ලබාගන්නා සාධකත් මේ පැතිරීම වැළැක්වීම සඳහා ජනතාවගෙන් ලබා දෙන දායකත්වයත් මත යන්න පැහැදිළි කළ යුතුයි.

 

Post Views: 23
Previous Post

PCR පරීක්ෂණ වැඩිකිරීමට ජනපතිගෙන් උපදෙස්

Next Post

නව රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් පත් වෙයි

editor

editor

Next Post

නව රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved