• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිපු නිදහස නැති කරගෙන අඩන්න එන්න එපා

23 July 2018
in ක්‍රීඩා

වර්තමානයේ මාධ්‍යවල තිබෙන්නේ ආණ්ඩු විරෝධී ප‍්‍රචාරය බවත් හවසට මාධ්‍ය දිහා බලපුවහම රටේ ආණ්ඩුවක් නැති බව ජනතාවට හැගෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  මොරගහකන්ද කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය අද (23) ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වීවෘත කළ අවස්ථාවේදිය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මාධ්‍ය වල තිබෙන්නේ රට විනාශ වෙනවා කියලා පෙන්වන එක බවත් ඒ පිළිබඳ තමා කනගාටු වන බවයි.

තමා පසුගිය අවුරුදු තුනහමාරේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කෙරුවේ, මිනිස්සුන්ගේ නිදහස ශක්තිමත් කෙරුවේ, මේ රටේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්න, සත්‍ය දේ පෙන්වන්න. නිවැරදි දේ ලෝකයට සමාජයට දෙන්න බවද හෙතෙම කියා සිටියේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පලල කර සිටියේය “දේශපාලන ආරවුල්, ගැටුම්, වැඩක් නැති අනවශ්‍ය අශීලාචාර කතන්දරවලට ප‍්‍රමුඛත්වය දෙන්න නෙවෙයි. අද අපිට අවහිර කරන අපේ වැඩවලට නිසි ප‍්‍රචාරයක් නොදෙන මාධ්‍ය මිත‍්‍රයින්ට, මාධ්‍ය ප‍්‍රධානීන්ට මම බොහෝම ගෞරවයෙන් කාරුණිකව කියනවා අපිට ගහලා, අපිව දුර්වල කරලා, අපිව විනාශ කරලා, අපිව ඇද දමලා දුන්නු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරගෙන දීලා තිබෙන මිනිස් නිදහස නැති කර ගෙන, දීලා තිබෙන මාධ්‍ය නිදහස නැති කරගෙන නැවත දවසක කඳුළු හළන්න එපා. අපි ඉපදෙනවා වගේම මැරෙන මිනිස්සු. ජීවත් වෙලා ඉන්න කාලය තුළ නිවැරදි දේ කිරීම, ජාතියට සේවය කිරීම, මිනිසුන්ට සේවය කිරීම, දුප්පතාගේ දුක හඳුනා ගැනීම, මිනිසුන්ගේ කඳුළු දහඩිය වේදනා ඒ සියල්ල හඳුනාගෙන ඒවාට විසඳුම් දීමයි ආණ්ඩුවක අවංක සහ පවිත‍්‍ර චේතනාව විය යුත්තේ. මේ ව්‍යාපෘතිය කෝටි 23,000 කට ආසන්නයි. මේ ඉන්න ආදරණීය ගොවි නායකයින්ට ගොවි සංවිධානවල වෙනත් විවිධ ස්වෙච්ඡුා සංවිධානවලට මම කියනවා මේ යෝධ ව්‍යාපෘතිය මගේ යටතට අරගෙන වසර තුනහමාරකට වැඩියි. මේ කාලසීමාව තුළ මේකේ දූෂණ වංචා හොරකම් තියනවයි කියලා මට කිසිම තැනකින් කියනවා ඇහුනේ නැහැ. මම ඒ ගැන සතුටු වෙනවා. යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

කළු ගඟ ජලාශයේ මංගල දියවර ලබා දීමේ අවස්ථාවට සමගාමීව මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමට පත්කිරීම සහ ජලාශය ඉදිරිපිට කළු ගලින් නෙලන ලද අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සමාන වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අද සිදු කෙරුණි.

මොරගහකන්ද සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය වෙනවා. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ 248ක්. ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 කි.

කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

Post Views: 10
Previous Post

ශ්‍රමිකයින්ට නිල ඇදුමක් හදුන්වාදී නෑ

Next Post

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved