• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට බාධා එපා – ජනපතිගෙන් නිලධාරීන් උපදෙස්

31 December 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ සහ තමාගේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවය දීම බවත් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවගේ දෛනික වගා කටයුතුවලට බාධා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දේශපාලන අධිකාරියේ පූර්ණ සහය ඔවුනට හිමිවිය යුතු බවද රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ “ගම සමග පිළිසඳර” සඳහා කැබිතිගොල්ලෑව, කණුගහවැව ගමට ගිය අවස්ථාවේදිය.

ජනාධිපතිවරයා සහභාගී වූ “ගම සමග පිළිසඳර” සිව් වැන්න මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊයේ (30) පිළිසඳර සඳහා අනුරාධපුර නගරයේ සිට කි.මි 73ක් දුරින් පිහිටි කැබිතිගොල්ලෑව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුගහවැව ගම්මානය තෝරාගෙන තිබිණි. ජන හමුව කණුගහවැව ප්‍රාථමික විද්‍යල භූමියේ දී පවත්වනු ලැබීය. තල්ගහවැව, හල්මිල්ලවැටිය, තම්මන්නෑව, හේරත් හල්මිල්ලෑව, නිකවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම්දීම සඳහා රැස්ව සිටියහ.

කැබිතිගොල්ලෑව බෙදුම්වාදී යුද්ධය සමයේ එල්ටීටීඊ ත්‍රස්තවාදී භීෂණයට නිතර ගොදුරු වූ ප්‍රදේශයකි. 2006 ජූනි මස 15 වන දින හල්මිල්ලවැටිය ග්‍රාමයේ දී, කැබිතිගොල්ලෑව බස් රථය කොටි ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් වීමෙන් කණුගහවැව සහ අවට ගම්වල 68 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

1995 සිට 1998 දක්වාත්, 2006 සිට 2008 දක්වාත් මේ ගම්මානවල වැසියන්ට ත්‍රස්තවාදී භීෂණය නිසා කඳවුරුගතව ජිවත්වීමට සිදු විය. දැන් එකී උවදුර අවසන් වී ඇතත් ඕව්හු බරපතළ ආර්ථික, සාමාජයීය ප්‍රශ්න රැසකට මුහුණ පා සිටිති. ග්‍රාමයේ දරිද්‍රතාව ජන සංඛ්‍යාවෙන් 54%කි.

වී සහ හේන් ගොවිතැන කණුගහවැව මෙන්ම අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන යැපුම් මාර්ගය වේ. ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ගම් බිම් අතහැර යාම නිසා ගම්මුන් සියලුදෙනාට පාරම්පරික වාස භූමි අහිමිවීම ප්‍රධාන ගැටළුවකි.

එබැවින් වගා බිම් අවශේෂ කැලෑ බවට පත්ව තිබේ. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල මැණුම්වලදී එවැනි බිම් රක්ෂිත ලෙස සලකුණු කිරීමෙන් ජනතාව වගා කටයුතුවලදී දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිති. වන අලි තර්ජනය ඔවුනට බලපා ඇති තවත් ප්‍රධාන ගැටළුවකි.

රජයේ සහ තමාගේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවය දීම බව සඳහන් කළ ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවගේ දෛනික වගා කටයුතුවලට බාධා නොකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. දේශපාලන අධිකාරියේ පූර්ණ සහය ඔවුනට හිමිවිය යුතු බවද රාජපක්ෂ මහතා පැවසීය.

2012 වසරෙන් පසු Google සිතියමට අනුව රක්ෂිත මායිම් සලකුණු කිරීමේ දී අවශේෂ කැලෑ ලෙස හදුනාගෙන ඇති ස්ථාන වහාම නිවැරදි ලෙස ජනතාවට වගා කටයුතු සඳහා දීමට තීරණය කෙරිණ.

යාන් ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී විශාල පිරිසකට වගා ඉඩම් සහ වන්දි අහිමි වී ඇතැයි ජන හමුවේ දී අනාවරණය කෙරිණ. මින් ඉදිරියට ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ඉඩම් අහිමි වන්නන්ට විකල්ප ඉඩම් සහ වන්දි දීමට ප්‍රමුඛත්වය හිමිවිය යුතුයැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් භාරගනු ලැබිණ. මේ යටතේ කණුගහවැව ග්‍රාමය ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කරනු ලැබේ.

ගමේ පන්සලේ විහාරාධිපති හිමියන්, ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය සභාවේ සභාපති එක්ව ගම්මානයේ අවශ්‍යතා හඳුනාගෙන ගුවන් හමුදාපතිවරයාට සැලසුම් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ගොවිතැනට අවශ්‍ය වැව් පිළිසකර කර ගැනීම ජන හමුවට රැස්ව සිටී බොහෝ ගම්මුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර විය. ගොඩ වී ඇති වැව් අතුරින් 21ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට තීරණය කෙරිණ. ඇල වේලි රැසක් ද ඒ යටතේ සංවර්ධනය කෙරේ. ඉන් දහසකට අධික පවුල් සංඛ්‍යාවකට සෙත සැලසෙන අතර, අක්කර 8000ක පමණ ප්‍රමාණයක් අලුතින් අස්වැද්දීමට පිළිවන.

කැබිතිගොල්ලෑව ප්‍රදේශවාසීන්ගේ මාසික කිරි නිෂ්පාදනය කිරි ලීටර් එක්ලක්ෂ තිස් දහසකි. ඉන් ලැබෙන ආදායම රුපියල් කෝටිය ඉක්මවන බව නිලධාරීහු පෙන්වා දුන්හ. 2019 වසරට වඩා 2020 වසරේ ඉහළ කිරි නිෂ්පාදනයක් අත්කර ගැනීමට ගොවීහු සමත්ව සිටිති. කිරි ගොවීන් මුහුණ පාන ප්‍රධාන ගැටළුව තෘණ බිම් නොමැතිවීමයි. එබැවින් කිරිගව පාලනය නගා සිටුවීමට තෘණ බිම් සැකසීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය. රක්ෂිත අවට බිම්වල තණකෑමට ඇතුල්වීමට ගවයන්ට ඉඩ හරින ලෙස උපදෙස් දෙනු ලැබීය.

කණුගහවැව ප්‍රාථමික විද්‍යාලය, හල්මිල්ලවැටිය සහ කැබිතිගොල්ලෑව විද්‍යාලවල ගුරු හිඟය සහ වෙනත් අවශ්‍යතා කඩිනමින් සපුරාලන ලෙස ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.

කණුගහවැව සිට රඹකැපූවැව, කැබිතිගොල්ලෑව සිට බූහල්මිල්ලෑව දක්වා මැදවැව මාර්ගය, යකාවැව, බෝගස්වැව, වාහල්කඩ සිට යාං ඔය දක්වා වන මාර්ග ඇතුළු ප්‍රධාන සහ අතුරු මාර්ග කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවසීය.

ගම්මුන්ගේ පානීය ජල අවශ්‍යතා සහ සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධ ගැටළු කඩිනමින් විසඳීම කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර ඒ සඳහා මැදිහත්වන ලෙස පළාත් දේශපාලන අධිකාරියට ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

පානීය සහ වගා ජලය සැපයීමට හැකිවන පරිදි නිකවැව සංවර්ධනය කිරීමට තීරණය කෙරිණ.

බඩඉරිගු වගාවට බලපා ඇති සේනා දළඹු උවදුර පිළිබඳව ද ගොවීහු ජනධිපතිවරයා දැනුවත් කළහ.

කැබිතිගොල්ලෑව මුලික රෝහලේ සහ වාහල්කඩ ග්‍රාමීය රෝහලේ වෛද්‍ය, හෙද පහසුකම් සපුරාලීමට තීරණය කෙරිණ. පාසැල් දරුවන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ මගී ප්‍රවාහන පහසුකම සපුරාලීම කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.

 

“ගම සමග පිළිසඳර” වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයට පිරිනැමූ පරිගණක පහසුකම් සහිත “සුහුරු පන්ති කාමරය” ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණ. විදුලි සංදේශන නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සමූහ විධායක ලලිත් සෙනවිරත්න යන මහත්වරු ඊට එක් වූහ.

ලලිත් සෙනෙවිරත්න මහතා විසින් රචිත ග්‍රන්ථ 02ක් ජනාධිපතිවරයා වෙත පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණ.

ජන හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා විහාර හල්ම්ල්ලෑව සිරි සුලුගල් දඹුලු විහාර මූලික පිරිවෙනට ගොස් විහාරාධිපති පූජ්‍ය විහාරහල්මිල්ලෑවේ ධම්මරක්ඛිත හිමි බැහැ දුටුවේය. ත්‍රස්තවාදී තර්ජනවල මුහුණ දෙමින් විහාරස්ථානය ආරක්ෂා කර ගනිමින් කළ ශාසන මෙහෙවර පිළිබඳ ජනාධිපතිවරයා උන්වහන්සේට සිය ප්‍රසාදය පළ කළේය.

විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා සහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා කීය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. නන්දසේන, උද්දික ප්‍රේමරත්න,ආණ්ඩුකාර මහිපාල හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් “ගම සමග පිළිසඳරට” එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

අපි දිවි හිමියෙන් රාජපක්ෂවරු එක්කයි – අලි සබ්‍ර්රිගේ මල්ලි උවායිස්

Next Post

ලබන 02 සිට තවත් ගුවන්යානා 10 .. පුළුවන්නම් නවත්වන්න – රුසියානු හිටපු තානාපති උදයංග

editor

editor

Next Post

ලබන 02 සිට තවත් ගුවන්යානා 10 .. පුළුවන්නම් නවත්වන්න - රුසියානු හිටපු තානාපති උදයංග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved