27 April 2024
#ක්‍රීඩා

රැල්ලට යන්නේ නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින්නන් ප්‍රාණය පුදලා පක්ෂය රකින අය බවත් රැල්ලට නොයන පුද්ගලයින් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (20) පෙරවරුවේ පැවති රඹුක්කන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ “අපේ රට 60% ක් යැපෙන්නේ විදේශ වෙළදාම මත. ඒක දුක හිතන්න කාරණාවක්. එක සතියක් බලවත් රටවල් කීපයක් එකතු වෙලා අපි උඹලට දෙන්නෙත් නැහැ. ඔබලගෙන් ගන්නෙත් නැහැ කියලා හිටියොත් අපිට පොල් එක්ක රබර් රොටී තමයි කන්න වෙන්නේ. ඒ තැනින් මේ රට ගලවාගත්තේ, මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. මේ ලෝකෙ තියෙන අසීරුම නායකත්වය දරන්නේ මෛත‍්‍රීපාල මැතිතුමා. එතුමා වසර 60 ගානක් ගහගත්ත පක්ෂ දෙක්ක එකතු කරගෙන රට පාලනය කරනවා. අපේ ප‍්‍රධාන අරමුණ තමයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කථිකාවතක් ඇති කිරීම. ප‍්‍රථිසංවිධානයක් ඇතිකර ගැනීම. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ථමානය ගැන, අනාගතය ගැන වැඩිවැඩියෙන් කතා කරන්න, වැඩියෙන් හිතන්න සංවාද මණ්ඩපයක් හදලා දෙන්න. හංගන්න දෙයක් නැහැ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද සංකීර්ණ ගැටළු සහගත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. හැබැයි මේ පක්ෂය මීට වඩා ගැටළු වලට මුහුණදීලා තිබෙනවා. නායකයෝ මරලා මේ පක්ෂය නැති කරන්න බැහැ. සමහරු මේ පක්ෂයේ නායකයෝ මරලා, දැන් ඉතින් පක්ෂය ඉවරයි කියලා කිව්වා. නමුත් පක්ෂය නවත්වන්න බැරි උණා. ගෙදර දරුවන් බලාගෙන සිටිය කාන්තාව දේශපාලනයට ගේන්න. ලෝකයේ පළමු අගමැතිවරිය බවට පත් කරන්න හැකි වුණේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයටයි. අපිට එහෙම හයියක් තිබෙන පක්ෂයක්” යැයි අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *