27 April 2024
#දේශීය

රට සම්පුර්ණයෙන්ම ලොක් ඩවුන් නොවනවානම් ආර්ථිකයට හොඳයි – මහබැංකු අධිපති

රට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමකින් තොරව ක්‍රියාත්මක කරගත හැකිනම්, ආර්ථිකයට එය හොඳම ක්‍රියාමාර්ගය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් මහතා පවසයි.

ඒ මහතා ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ කොරෝනා වසංගතය පාලනය සඳහා මුළු රටම වසා දැමීම ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිපත්තියක් නොවන බවයි.

එසේම අධිපතිවරයා සඳහන් කර සිටියේ, කාරණා 3ක් හේතුවෙන් පළවෙනි දෙවෙනි රැලිවට වඩා දැනට ක්‍රියාත්මක වෙමින් ඇති රැල්ල එතරම් විශාල ආර්ථික බලපෑමක් ඇති නොකරනු ඇති බවටයි.

ඒ, තුන්වන රැල්ලේ මෙහයෙවා ගැනීම සඳහා සංචාරණ සීමා පනවන පෙනෙන්නට ලැබෙන්නේ තෝරාගත් ප්‍රදේශවලට ආදාළ වන පරිදි බව හා ක්‍රියාත්මක කරන එන්නත් වැඩසටහන ක්‍රමයෙන් ඉදිරියට යන බවක් පෙන්නට තිබෙන බවත් සහ අපේ බොහෝ ආයතන ඉඩකඩ ලැබෙන ආකාරයට ගෙදර සිට වැඩ කරන සංස්කෘතියකට හුරුවී ඇති බවයි.

නමුත් වර්ධන ක්‍රියාවලියට රජයේ ආදයම් වියදම් ක්‍රියාවලියට යම් බාධාවක් ඇති බවට අපේක්ෂා කරන බව ද මහ බැංකුවේ අධිපතිවරයා පැවසී ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *