27 April 2024
#දේශීය

විද්‍යාත්මකව සිදුකරන දේවලට බාධා කරන්න එපා – ඇමැති පාඨලිගෙන් ඉල්ලීමක් 

පුත්තලම, ආරුවක්කාරුව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත කසළ අංගනය නිසි ක්‍රමවේද හරහා විද්‍යාත්මක අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ  උස්වැටකෙයියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ නිසි ලෙස කරුණු සොයාබැලීමකින් තොරව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චෝදනා කිරීමෙන් වලකින ලෙස ආගමික නායකයින්, සමාජ ක්‍රියාකාරීන් හා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින බවයි. 

මේ වන විට සිදු කෙරෙන ව්‍යාපෘති සියල්ලක්ම නිසි ක්‍රම වේදයක් යටතේ කරන බවත් විද්‍යාත්මකව සිදු කරනු ලබන මෙම ව්‍යාපෘති වලක්වා අනාගත පරපුර අගාධයට යවන්නට එපා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *