27 April 2024
#ක්‍රීඩා

ටීම් එකට දෙහි කපන්න ඇමැති ෆයිසර් එන්න කියයි 

ආසියානු කුසලානයේ මුලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණී වහාම ක්‍රිඩා අමාත්‍යංශය වෙත වාර්තා කරන ලෙස දන්වා ඇත. 

 
ආසියානු කුසලානයේ මුලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ මුලික වටයෙන්ම ඉවතට විසිවුණා. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු පිරිසක් තම අමාත්‍යංශයට කැඳවීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබේ. 

මේ අනුව නායකයාට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, පුහුණුකරු, කළමණාකරු, තේරීම් කමිටුව  සහ කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩලය මෙලෙස තම අමාත්‍යංශයට කැඳවීමටයි ඇමතිවරයා පියවර ගෙන ඇත. 

එහිදී මේ පරාජයට හේතු විමසීමට ඇමතිවරයා කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *