• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දෝහා කටාර් රාජ්‍යය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට පරිත්‍යාග කිහිපයක්

21 June 2021
in දේශීය

කෝවිඩ් – 19 වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින්, දෝහා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඔක්සිජන් සිලින්ඩර් 125 ක් සහ ඔක්සිජන් පාලක යන්ත්‍ර 10කින් සමන්විත දෙවන උපකරණ කට්ටලය ශ්‍රී ලංකා රජය වෙත ගුවන් මගින් පිටත් කර තිබේ.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සලකා බලමින්, ශ්‍රී ලංකා තානාපති එම්. මෆාස් මොහිදීන් මහතාගේ ඉල්ලීම මත, එහි වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව, සුබ පතන්නන් හා ‍දෝහා හි Watad Group Enterprises විසින් මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදි.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය වෙත ඔක්සිජන් සිලින්ඩර් හා ඔක්සිජන් පාලක යන්ත්‍ර සහිත බහාලුම ලබා දුන් අතර, වසංගත තත්ත්වය තුල හදිසි වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා රජයේ රෝහල් අතර ඒවා බෙදාහැරීමට අපේක්ෂා කෙරේ.

තානාපති කාර්යාලය මගින් දැනටමත් ඔක්සිජන් සිලින්ඩර් 275ක්, නාඩි පරීක්ෂා කිරීමේ යන්ත්‍ර (Pulse Oximeters) 22ක් හා ඔක්සිජන් පාලක යන්ත්‍ර 10ක් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශය වෙත සාර්ථකව ලබා දී ඇති අතර, එම කර්තව්‍යය ඉදිරියට ගෙන යාමට අදහස් කරයි.

Post Views: 4
Previous Post

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට ‘ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන’ ස්ථාපනය කෙරේ – අධ්‍යාපන ඇමැති

Next Post

අන්තර්ජාල නැතිව ගස් ගල් උඩ නගින දරුවන්ට ඇමැති නාමල්ගෙන් විසදුමක්

editor

editor

Next Post

අන්තර්ජාල නැතිව ගස් ගල් උඩ නගින දරුවන්ට ඇමැති නාමල්ගෙන් විසදුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved