දොම්පෙ ප්‍රාදේශීය ළමා සභාවේ දරුවන් සහ පූගොඩ තරුණ සේවා මධ්‍යස්ථානයේ පුහුණුව ලබන සිසු දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් දෙකක් පසුගිය 18 වැනි දින පවත්වනු ලැබීය.
ඒ අනුව එක් වැඩසටහනක් දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත්, අනෙක් වැඩසටහන පූගොඩ තරුණ සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේදීත් සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.














