අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සලසා දීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් රැකියා පොළ – 2026 වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙම රැකියා පොළ එළඹෙන සැප්තැම්බර් මස 23 වැනි දින පෙරවරු 9.00 සිට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙවර වැඩසටහන සඳහා ප්රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන 70කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.














