• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආගම්වාදී, ජාතිවාදී ගැටුම් ඇති කිරීමේ කුමන්ත්‍රණවලට හසුවෙන්න එපා – මන්ත්‍රී විජිත

20 May 2023
in දේශීය

ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්න මතුකර කුමන්ත්‍රණයේ ගොදුරු බවට ජනතාව පත්කිරීමේ උත්සාහයක් පැහැදිලිව දකින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (20) ජාතික ජන බලවේගයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අදහස් පල කළ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ” මැයි 19 දිනට යුද්ධය අවසන් කර වසර 14ක්. ආර්ථිකය ශක්තිමත් කරන්න, සියලු ජාතිකත්වයන් අතර ජාතික සමගිය ගොඩනඟන්න යුද්ධය අවසන් වන තුරු මේ රටේ ජනතාව දෑස් දල්වාගෙන බලාගෙන සිටියා. තිස් අවුරුදු යුද්ධය කාලයේ පාලකයන් පුන පුනා කීවේ යුද්ධය අවසන් වූ වහාම මේ රටේ සුඛිත, මුදිත ආර්ථිකයක් ගොඩනඟනවා කියලා. යුද්ධය පැවති ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු, ධීවර කටයුතු ඇතුළු අනෙකුත් නිෂ්පාදනයන් තුළින් ආර්ථිකය නැවත ගොඩනැගිය හැකි බව පාලකයන් කිව්වා. සහල්නැලිය ප්‍රදේශයේ වී අස්වැන්න පෙන්වමින් එදා සිටි පාලකයන් සහලින් ස්වයංපෝෂිත කරන බවට පුරාජේරු දෙඩවූවා. යාපනයේ මාළු මාර්කට් එකට ගියපු එවකට ධීවර ඇමති රාජිත සේනාරත්න මුළු රටෙන්ම ධීවර සම්පත නෙළාගෙන රට සංවර්ධනය කරන හැටි කිව්වා. මේ නිසාම ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන සිටියා. නමුත් යුද්ධය අවසන් කර අවුරුදු 14ක් සම්පූර්ණ වන විට ආර්ථිකය කඩාගෙන වැටිලා සම්පූර්ණයෙන් බංකොළොත් වෙලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාකර තිබෙනවා. යුද්ධයට මුවාවී එදා ප්‍රශ්නය යටගසා ගත්තත් රට ගොඩනගන්න කිසිදු සැලැස්මක් පාලකයන්ට නැති බව අද ඕනෑවටත් වඩා ඔප්පුවී තිබෙනවා. යුද්ධය ඇති කාළෙත් බලය ලබාගැනීමට බලය පවත්වාගෙන යාමට ජාතිවාදය, ආගම්වාදය යොදා ගත්තේ පාලකයන් බව ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා. ජනතාවගේ හැඟීම් අවුස්සලා, ජාතිකත්ව අනුව, ආගම් අනුව බෙදමින් විවිධ කල්ලි කණ්ඩායම් නිර්මාණය කර, ඒ හරහා තමන්ගේ බලය පවත්වාගෙන ගියා. යුද්ධය අවසන් කළ පසු සෑමදෙනාම එක්වී ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැඟීම පිළිබඳව තිබූ සියලු බලාපොරොත්තු විනාශ කළ පාලකයන් ආර්ථිකය, ජාතික සමගිය, ගොඩනැගුවේ නැහැ. යුද්ධය අවසන් කර හරියටම සතියකින්, අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මැයි 26 වැනිදා ජාතික සමගිය ගොඩනැඟීම පිළිබඳ යෝජනා මාලාවක් ආණ්ඩුවට ලිඛිතව ලබාදුන්නා. ඒ යෝජනා මාලාව මේ රටේ ජනතාවටත් ඉදිරිපත් කළා. අවතැන් ජනතාවගේ ප්‍රශ්නය, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය, පිළිබඳ වහාම තොරතුරු සොයා බලා සාධාරණය ඉටුකරන්න අවශ්‍ය මැදිහත්වීම් වහාම කළ යුතු බව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධවී වසර දෙකක කාලයක් සඳහා කාර්යසාධක බලකායක් ගොඩනඟා යුද්ධයෙන් පීඩාවට පත්වූ සියලු පාර්ශ්ව සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ යළි ගොඩනඟන්න ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නා. සියලු පාර්ශ්වයන්ගේ සිත් සුවපත් කරන්න සත්‍ය හා ප්‍රතිසංධාන කොමිසම වහාම පිහිටුවිය යුතු බව යෝජනා කළා. නමුත් අවුරුදු 14ක් ගෙවී ගියත් බලයේ සිටි ආණ්ඩු කිසිවක් මේ සාධනීය ක්‍රියාමාර්ග අනුගමනය කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි යහපාලන ආණ්ඩු කාලයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලිඛිතව පොරොන්දු ලබාදෙමින් සත්‍ය හා ප්‍රතිසංධාන කොමිසම පිහිටුවන බව පොරොන්දු වුණා. විදේශ ඇමති සහ අධිකරණ ඇමතිවරයා දකුණු අප්‍රිකාවේ සමුළුවකට සහභාගී වීමෙන් පසුව නැවත මෙම කොමිසම පිහිටුවන බව ප්‍රකාශ කළා.

දැන් ඇත්තටම පරක්කු වැඩියි. අවුරුදු 14ක් ගිය තැන ජාතික සමගිය, ආර්ථිකය ගොඩනැඟීම වෙනුවට නැවත ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන විවිධ කටයුතු ලංකාවේ විවිධ තැන්වල සිදුකෙරෙන බව අපි දැක්කා. ත්‍රිකුණාමලයේ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකට තවත් පිරිසක් විරෝධය පළකිරීමේ සිදුවීම, ජෙරෙම් ප්‍රනාන්දු නමැති පුද්ගලයෙක් බුදු දහමට අපහාස වන ප්‍රකාශ සිදුකර නැවත ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන තත්වයන්, යුද්ධයෙන් මියගිය අය සැමරීම සහ ඊට එරෙහිව ජාතිවාදය ඇවිස්සීමේ සිදුවීම් නිර්මාණය කෙරෙමින් තිබෙනවා. උතුර දකුණ හෝ ලංකාවේ කවර හෝ තැනක යුද්ධය හේතුවෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන්ට මියගිය අය අනුස්මරණය කිරීමේ අයිතියක් තිබෙනවා. ඒ අයිතියට හෝ ඉඩනොදී විවිධ මැර, ජාතිවාදී කණ්ඩායම් මෑතදී ක්‍රියාත්මක වෙන හැටි අපි දැක්කා. ජීවත් වෙන්න බැරිව අන්ත පීඩනයක සිටින ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය යටගසා කුමන්ත්‍රණකාරී ආකාරයට ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන කුමන්ත්‍රණකාරී දේශපාලන ක්‍රියා සිදුකරමින් පවතිනවා. 2019 ජනාධිපතිවරණය ආසන්න කාලයේත් වඳ කොත්තු, වඳ සැත්කම්, වඳ ඇඳුම් ආදී විවිධ ප්‍රචාර ගෙනගියා. එහි කූටප්‍රාප්තිය බවට පාස්කු ප්‍රහාරය හඳුන්වන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පසුව මේ දක්වා වඳ දොස්තරලා, වඳ කොත්තු වගේ කිසිවක් නැහැ. ඉතිහාසය කළා වගේම දැනුත් පාලකයෝ කරන්නේ කුමන්ත්‍රණකාරී ලෙස සමාජයේ විවිධ තැන්වල ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇති කිරීමට ක්‍රියාකිරීමයි. මේවා බැලූ බැල්මට මතුපිටින් තේරුම් ගන්න අමාරුයි. පසුගිය සතිය ඇතුළත සිදුවීම් දෙක තුනක් ඇති කිරීම දෙස බැලීමෙන් මේ බව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්න මතුකර ඒ කුමන්ත්‍රණයේ ගොදුරු බවට ජනතාව පත්කිරීමේ උත්සාහයක් පැහැදිලිව අපි දකිනවා. මේ පිටුපස අනිවාර්යයෙන්ම ඉතිහාසයේ වගේම සැඟවුණු හස්තයන් තිබෙනවා. ඒ නිසා මේ රටේ සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් අපි අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ නැවත ආගම්වාදී, ජාතිවාදී ගැටුම් ඇතිකිරීමේ කුමන්ත්‍රණ ලප්තැනම ලොප් කරන ලෙසයි. යම්කිසි කණ්ඩායමක් සිදුකරන වරදක් දඩමීමා කරගෙන ප්‍රතිවිරුද්ධ ගැටුම් හදන්න යාමෙන් ඇති වන මහජන කැලඹීමක් පාලකයන් අපේක්ෂා කරනවා. එයට හසුනොවී ජාතික සමගිය ගොඩනඟන්න, ආගමික සමගිය ගොඩනඟන්න ක්‍රියාකරන ලෙස ඉතාමත් ඕනෑකමින් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි දේශපාලනයේ යෙදී සිටින ස්ථාවරය කවර හෝ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් තවත් ජාතිකත්වයක් හෝ ආගමක් නිග්‍රහයට ලක්කරන්න සිදුකරන සියලුම ක්‍රියාමාර්ග අපි දැඩිව හෙළාදකිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන ආගම් ඇදහීමේ නිදහස ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. මෙවැනි කුමන්ත්‍රණ ඇතිකරන පළමු අවස්ථාවේදීම බුද්ධිමත්ව තේරුම් ගෙන ඒවා පරාජය කරන්න වහාම මැදිහත් වෙන්න කියලා මේ රටේ සියලු ජනතාවගෙන් අපි ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා යැයි මන්ත්‍රි විජිත හේරත් මහතා පැවසිය.

 

Post Views: 16
Previous Post

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ ගැටලු නිරාකරණයට කෘෂි ලේකම් කාර්යාලයක් -ජනපති

Next Post

රනිල් නායකයෙක් ලෙස ඉතිහාස ගත වෙන බව රාජ්‍ය අමාත්‍ය රෝහණ කියයි

editor

editor

Next Post

රනිල් නායකයෙක් ලෙස ඉතිහාස ගත වෙන බව රාජ්‍ය අමාත්‍ය රෝහණ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved