• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තරය ඉදිරියේ අමනෝඥ තීන්දු තීරණ ගන්න එපා- විපක්ෂනායක සජිත් කියයි

19 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තරය ඉදිරියේ අමනෝඥ තීන්දු තීරණ ගන්න එපා යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා ‌මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේදී ය.

කළබලයට හා තම තමන්ට හිතු මතේට අයි. එම්. එෆ්. එක කියන කියන කේන්දේසිවලට එකඟ වූ තත්ත්වයක් තුළ රටට සිදුව ඇති විනාශය පෙනෙන හෙයින් දැන්වත් කළබලකාරී තීන්දු තීරණ නොගෙන විපක්ෂයට සියලු කරුණු කාරණා හෙළිදරව් කර විපක්ෂයත් ආණ්ඩුවත් එකම හඩින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කිරීමට එක්වන ලෙසත් පක්ෂ පාට ආගම් ජාති භේදයකින් තොර පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකම හඩින් කියා සිටින්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදිලි බලපෑමක් සිදු කර විශ්‍රාමිකයන් ඇතුළු සියලු දෙනාගේ තැන්පතු රැක ගත හැකි බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස පුර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හරි දේට හරි කිව්වට වැරදි දෙයට එකග නොවන බවත් විවිධ උප්පරවැට්ටි එකඟතාවලට හිර නොවී තමන් ගත්ත අමනෝඥ තීරණ අමනෝඥ ලෙස සලකා අලුත් ආකාරයට ඉදිරියට යන්න එකතු වන ලෙසත් මෙරට ජනතාවගේ තැන්පතුවල වටිනාකම් සුරක්ෂිත කිරීමට සූදානම් නමුත් ආණ්ඩුව කියන කියන දෙයට අත් ඉස්සීමට සූදානමක් නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

එසේම පුන පුනාම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇති කර ගත් ගිවිසුමට අදාළ දත්ත සහ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස එවක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියත් එය නොදුන් බවත් යම් හෙයකින් එම ගිවිසුම පාර්ලිමේන්තු සභාගත කළේ නම් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගැනීමට නියමිත ගිවිසුම ජනතාවගේ පැත්තෙන් ශක්තිමත් කර ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කළ හැකි වුවත් එවැන්නක් සිදු නොවූ බවත් එම දත්ත රටෙන්, පාර්ලිමේන්තුවෙන් සඟවා තැබූ බව ඔහු අනාවරණ කලේය.

සමගි ජන බලවේගය වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම අනුමත කරන බවත් සමගි ජන බලවේගය වුවත් විශ්වාස කරන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම හරහා මෙම ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකි වුවත් මහබැංකු අධිපති හා මුදල් රාජ්‍ය ඇමති විසින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොකරන බව පවසා සිටියදීත් ජනාධිපතිවරයා විසින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු කරන බව පැවසීම පුදුමයට කරුණක් බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

එක වෙලාවකට එක දෙයක් තව තවත් වෙලාවකට තව දෙයක් කියමින් එකිනෙකට පරස්පර විරෝධි කතා කීම තුළ රජය පිළිබඳ විශ්වාසය පළුදු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටි අතර ලෝකයේ බොහෝ රටවල් දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලට යා හැකි වුවත් ශ්‍රී ලංකාවට එවැන්නක් සිදු කළ යුතු වීමත් අතර යම් සැගවුණු දෙයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය මෙම ගිවිසුම්වලට එළඹීමට පෙර ජනතාව ගැන හෝ මහජන සුබ සාධනය තැන්පතු හා පාරිතෝෂිත මුදල් ගැන නොසිතා ඇති බවත් මෙවැනි තීන්දුවකට ප්‍රගතිශිලී විපක්ෂයක් ලෙස එකග විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

Post Views: 1
Previous Post

ජනපති රනිල් අතර අපේ ගැටුමක් නෑ – මන්ත්‍රී සාගර කියයි

Next Post

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය ගැන අගමැතිගෙන් පැසසුම්

editor

editor

Next Post

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය ගැන අගමැතිගෙන් පැසසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved