• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලන සූදු එපා … ස්ථාවර ජනවරමකට අවස්ථාව දෙන්න- විපක්ෂනායක සජිත්

29 July 2022
in දේශීය

රටට නව රජයක් අවශ්‍ය බව අතර ජනතාවගේ මතය විමසීමක් සිදු කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (29) කොලඹ පැවැති ජනහමුවකදිය.

රටේ ජනතාවට ජීවත් වීම පවා ගැටලුවක් වී ඇති අවස්ථාවක වත්මන් රජය දේශපාලන සූදුවක නිරත බවත් මේ සූදුව තුළ තෙල්, ගෑස්, කිරිපිටි, පොහොර ගැටලුව අාදී සෑම සියලු දෙනාගේම ගැටලුවලට විසඳුමක් නොමැති බවත් විසඳුම් නොමැති තැන රටට ලබා දෙන පණිවිඩය දේශපාලන සූදුව නොවිය යුතු බවත් මේ දියත්වන දේශපාලන සූදුව මජර දේශපාලන සංස්කෘතියේ ලක්ෂණයක් බවත් මේ තත්ත්වයෙන මිදීම සඳහා රටට නව රජයක් අවශ්‍ය බවත් එය පෞද්ගලික ගිවිසුමකින් තොර නව වරමක් තුළ ඇති විය යුතු බවත් එය ජනතා මතවිමසුමකින් සිදු විය යුතු බව හෙතෙම පැවසීය.

ලක්ෂ 220ක්වූ ජනතාවගේ ජීවත් වීමේ අහිමි වී ඇති මොහොතක දේශපාලන ඔලු ගෙඩි මාරු වීම්, සංගීත පුටු තරග, මැති ඇමති හුවමාරුකම් ආදී ඩීල් සංස්කෘතිය තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරියට යන තත්ත්වයක් තුළ මේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන් සම්පුර්ණ කිරීමට වත්මන් රජයට හැකියාව නොලැබී ඇති බවත් රජයේ ප්‍රමුඛාව වී ඇත්තේ ඔවුන් ස්ථාවර වීම බවත් රටේ ජනතාවගේ ජීවිත ස්ථාවර නොකිරීම බවත් විපක්ෂනායකවරයා පැවසීය. 

ලෝක බැංකුව, ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය මෙන්ම සමන්තා පවර් වැනි විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් පැහැදිලිව කියන්නේ රට ගොඩනැගීමට රටේ ස්ථාවරත්වය ශක්තිමත් විය යුතු බවත් එහිදී සාර්ව ආර්ථික රාමුවක් පැවතිය යුතු බවත් මේ රාමුව සකසන්නේ නැතිව රජයේ සාමාජිකයන් පසුගිය මාස කිහිපයේ සිදු කළ දේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ තත්ත්වයෙන් රට ගොඩනැගිය හැක්කේ නව ජනවරමකින් පමණක් බව පැවසීය. ඒ සඳහා ගෞරවනීය මහානායක හිමිපානන් වහන්සේලා ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන් ද ඉල්ලන නව ජනවරමකට යා යුතු බවත් මේ දේශපාලන සූදුව නතර කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තනතුරු බෙදා ගැනීමෙන් ලක්ෂ 220කගේ දුක් කඳුළු වේදනාවලට විසදුම් නොලැබෙන බවයි.

Post Views: 5
Previous Post

කොළඹ වරාය ආශ්‍රිතව පාපැදි මංතීරුව විවෘත කරයි

Next Post

අරගලයේ නියුතු තරුණ තරුණියන් දඩයම් කිරීම වහාම නැවැත්විය යුතුයි – ජවිපෙ

editor

editor

Next Post

අරගලයේ නියුතු තරුණ තරුණියන් දඩයම් කිරීම වහාම නැවැත්විය යුතුයි - ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved