27 April 2024
#දේශීය

ඉන්දියානු රජය විසින් අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක්

ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් 15415 ක් වටිනා ඖෂධ තොගයක් ඊයේ (29) ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ වරායේදී භාර දෙන ලදි.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 95 කින් සමන්විත මෙම පරිත්‍යාගය ඉන්දීය නාවික හමුදාවට අයත් “ගිරිජ” නෞකාව මගින් මෙරටට ගෙන එන ලදි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මහ ලේකම් ආචාර්ය රාකේෂ් පාණ්ඩේ ,ඉන්දීය ආරක්ෂක සම්බන්ධීකාරක කපිතාන් විකාසූඩ්,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටු සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *