කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DR Congo) ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා (Ebola) වසංගත තත්ත්වය හමුවේ, අධ්‍යාපන කටයුතු අඩාල වීම වැළැක්වීම සඳහා අධි-අවදානම් සහිත “රතු කලාපවල” (Red zones) පවා පාසල් සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
රජයේ නිල දත්තවලට අනුව මේ වන විට ඉබෝලා ආසාදිතයින් 6,186ක් හමු වී ඇති අතර මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් ඇත (මරණ අනුපාතය 48.6%). වෛරස ව්‍යාප්තිය ඉහළ ඉටූරි (Ituri) කලාපයේ පාසල් 1,000කට වැඩි ප්‍රමාණයක රේඩියෝ, රූපවාහිනී සහ නිබන්ධන මගින් “දුරස්ථ අධ්‍යාපනය” (Distance learning) ලබාදීමට මුලින් සැලසුම් කර තිබුණ ද, එමගින් සිසුන්ගේ අධ්‍යාපනය පස්සට යනු ඇතැයි භීතියෙන් එම තීරණය වෙනස් කර ඇත. අනුමත කරන ලද එන්නතක් හෝ නිශ්චිත ඖෂධයක් නොමැති මෙම බුන්ඩිබුගියෝ (Bundibugyo) ඉබෝලා ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා පන්ති කාමර තුළ සමාජ පරතරය තබාගැනීම සහ දෑත් සේදීමේ සනීපාරක්ෂක කට්ටල ලබාදීමට පියවර ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













