දශකයකට අධික කාලයකට පසු නව මුහුණුවරකින් යළි ආරම්භ කෙරුණු ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ සාහිත්‍ය සම්මාන උළෙල සඳහා වූ නවකතා (සිංහල සහ දෙමළ) අත්පිටපත්, සමීක්ෂණ මණ්ඩලය වෙත භාරදීම ලේක්හවුස් ආයතනයේදී ඊයේ (21) සිදු විය.
‘පරණ පුරුදු බැල්මක්’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සාහිත්‍ය කටයුත්ත සඳහා පත් කර ඇති සමීක්ෂණ මණ්ඩලයන් පහත පරිදි වේ.
සිංහල නිර්මාණ අංශය සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කපිල එම්. ගමගේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිමල් විජේසිරි සහ ලේඛිකා උපෙකලා අතුකෝරාළ යන මහත්ම මහත්මීන් කටයුතු කරති. දෙමළ නිර්මාණ අංශය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්, ශ්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්ය අනූෂා සිවලිංගම් සහ පරිවර්තක ජී.ජී. සරත් ආනන්ද යන මහත්ම මහත්මීන් සමීක්ෂණ මණ්ඩලයට ඇතුළත් වේ.
මෙම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණි වරුෂමාන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා, මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියගල, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ චාමර නානායක්කාරවසම්, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) චින්තක ප්‍රසන්න යාපා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














