27 April 2024
#සංවර්ධන

“නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ රබෑව මහවැව ගම්මානයට පානීය ජලය

රජරට ගොවිජනතාව අතර පැතිර ඇති වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ජනතාව සුවපත් කිරීමේ අරමුණෙන් “නිල්දියවර” පානීය ජල ව්‍යාපෘතියේ තවත් අදියරක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ විසින් අනුරාධපුර, රබෑව, මහවැව ප්‍රදේශයේදී ජනතා අයිතියට පවරන ලදී.

මෙම ප්‍රතිආශ්‍රැත ජල පෙරන මඟින් තත්ත්වයෙන් උසස් පිරිසිදු පානීය ජලය රජරට ජනතාවට ලබා දීම එම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ව්‍යාපෘතිය විවෘත කරන අයුරු සේයාරුවේ දැක්වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *