මෙම දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම පොල් ඵලදාවට ප්‍රධාන වශයෙන් බලපානු ඇත්තේ එළැඹෙන 2027 වසරේදී බව පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා පවසයි.
වියළි කාලගුණය හේතුවෙන් පොල් මල් පීදීම අඩුවීම, මල් වියළී යාම සහ ගෙඩි හැලීම වැනි තත්ත්වයන් මතුවිය හැකි බැවින්, වගාවන්හි ජලය රඳවා ගැනීමට ජල සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙස ඔහු ගොවීන්ට උපදෙස් දී ඇත. එසේම, වියළි කාලගුණය හමුවේ නව වගා විනාශ වීමේ අවදානමක් පවතින බැවින් ඉදිරි කාලයේදී නව පොල් වගා ආරම්භ කිරීමෙන් වළකින ලෙසද දන්වා තිබේ. කෙසේ වෙතත්, 2026 වසරේදී පොල් ගෙඩි මිලියන 3,018 ක වාර්ෂික අස්වැන්නක් අපේක්ෂා කරන අතර, එය 2025 වසරේ ලැබුණු මිලියන 2,800 ක අස්වැන්නට සාපේක්ෂව සියයට 11 ක පමණ වර්ධනයකි.
















