ඉකුත්දා ගැඹුරු මුහුදේදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 161 කට අධික ප්‍රමාණයක් සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන මැයි මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (අප්‍රේල් 23) නියෝග කළේය.
නාවික හමුදා භාරයට ගෙන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ මෙම සැකකරුවන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය. එම රැඳවුම් නියෝග කාලය අවසන් වීමෙන් පසු අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.
මෙම මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මැයි 05 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට වැඩිදුරටත් නියෝග කළේය.














