මැදවච්චිය ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වී එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියට සම්බන්ධ 29 හැවිරිදි සැකකරු මැදවච්චිය පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීම සඳහා යොදා ගත් තියුණු ආයුධය ද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 09 වැනිදා මෙම ව්‍යාපාරික ස්ථානය තුළදී සිදුවූ දරුණු පහරදීමේ දර්ශන පෙළක් පසුගිය දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර, ඒ සම්බන්ධයෙන් ඉකුත් 10 වැනිදා පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබුණි. මෙම පහරදීම කප්පම් ඉල්ලා සිදුකරන ලද්දක් බවට මාධ්‍ය මඟින් සැක පළ කර තිබුණ ද, පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු සහ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු අතර කලක සිට පැවති පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙය සිදුව ඇති බවයි. මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















