ඉරාන අර්බුදය සහ ගල්ෆ් කලාපයේ ගුවන් සේවාවන්ට එල්ල වූ දැඩි බාධා කිරීම් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වසරේ මුල් අර්ධයේ මගී ගමනාගමනය 31.3% කින් පහත වැටී ඇති බව Reuters පුවත් සේවය ගුවන්තොටුපළ පාලනාධිකාරිය උපුටා දක්වමින් වාර්තා කරයි.
ගොඩබිම් සහ ගුවන් සීමා තහනම් කිරීම්, ගුවන් වාර අවලංගු කිරීම් සහ ගුවන් මාර්ග වෙනස් කිරීම් හේතුවෙන් මෙම වසරේ මුල් මාස 6 තුළදී DXB ගුවන්තොටුපළ භාවිතා කර ඇත්තේ මගීන් මිලියන 31.5 ක් පමණක් වන අතර, එය පසුගිය වසරේ මුල් අර්ධයේ වාර්තා වූ මගීන් මිලියන 46 ට සාපේක්ෂව සැලකිය යුතු පහත වැටීමකි.
කෙසේ වෙතත්, දෙවන ත්‍රෛමාසිකය වන විට ගුවන් ගමන් වාර ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, වසරේ දෙවන අර්ධය වන විට ජාත්‍යන්තර ගුවන් ගමන් වැඩිදියුණු වීමත් සමඟ මගී ගමනාගමනය නැවත වර්ධනය වනු ඇතැයි ඩුබායි ගුවන්තොටුපළ ප්‍රධාන විධායක පෝල් ග්‍රිෆිත්ස් විශ්වාසය පළ කරයි.














