ඩුබායි රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ මත්කුඩු ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන ධර්මසිරි පෙරේරා හෙවත් “ඇල්ටෝ ධර්මේ” නැමැත්තා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂිතම කරුණ වන්නේ මෙම වැටලීමේදී ඇල්ටෝ ධර්මේ සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමයි. මෙරට ආරක්ෂක අංශ විසින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා මීට පෙර “රතු නිවේදන” (Red Notices) පවා නිකුත් කර තිබුණි.
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාලයන් ක්‍රියාත්මක කිරීම, මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් සිදුකිරීම සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම ඇතුළු බරපතළ ගණයේ චෝදනා රැසක් මොහුට එරෙහිව එල්ල වී ඇත. ඩුබායි පොලිසිය විසින් සිදුකළ මෙම විශේෂ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, සැකකරු මෙරටට උදර්පනය කරවා ගැනීම (Extradition) සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය පියවර ඉදිරියේදී ගැනීමට නියමිතය.
















