හැව්ලොක් සිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත T-56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව, නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.
මෙම සිදුවීමට අදාළව තවත් සැකකාරියක වන අයිගුල් ෂෙරග්සිනා නමැත්තියට එරෙහිව ද නීතිපතිවරයා විසින් මෙලෙස අධිචෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.













