ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන බදුල්ලේ දුන්හිඳ ඇල්ල අසල නව නරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු රුපියල් මිලියන 20ක ආයෝජනයක් යටතේ අද (27) නිල වශයෙන් ආරම්භ විය. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින නරඹුම් වේදිකාව අසල මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.වසර 50කට වඩා පැරණි සහ මේ වන විට අබලන් වී ඇති පවතින නරඹුම් වේදිකාව වෙනුවට මෙම නව පහසුකම ඉදිකෙරේ. දේශීය හා විදේශීය සංචාරකයන්ට වැඩිදියුණු කළ නැරඹුම් පහසුකම් මෙන්ම අනෙකුත් අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම අපේක්ෂාවෙන් ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර තිබේ. එසේම, අමුත්තන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ ඌව පළාතේ සංචාරක සංවර්ධනයට සහාය වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත. මෙම වාරයේ ආරම්භක අවස්ථාවට සෝරණාතොට ප්‍රදේශීය සභා සභාපති ජයලත් එදිරිමාන්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.














