27 April 2024
#දේශීය

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි තාවකාලිකව අත්හිටුවයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

නිවේනදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ එහි සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා එම තීරණය ගත් බවයි.

ඒ අනුව එහි සියළුම මෙහෙයුම් හා මහජන කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි එම පරිශ්‍රයේ විෂබිජහරණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නැවත රාජකාරි ආරම්භ කරන ලෙස නැවත දැනුම් දෙන බව තැපැල්පතිවරයා දැනුම් දී සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *