බලයට පත්වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවට මුලින්ම පොරොන්දු වූ පුද්ගලයන් මේ වන විට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙන් අතුරුදන්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, රට සම්බන්ධයෙන් වන තීරණ ‘පැලවත්ත පක්ෂ කාර්යාලයේ’ ලේකම්වරයා විසින් හෝ රජයේ අමාත්‍යවරුන් විසින් ගනු ලබන ආකාරය මේ වන විට රටේ ජනතාවට පැහැදිලිවම දැකගත හැකි බවයි. වත්මන් රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට උත්සාහ කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය. වත්මන් රජයට කිසිදු ආකාරයක මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් චෝදනා එල්ල කර සිටියේය.
















