27 April 2024
#සංවර්ධන

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් E-Transformation mobile හඳුන්වා දෙයි

ලෝක සංචාරක දිනය නිමිති කරගෙන මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් හඳුන්වා දෙන E-Transformation mobile යෙදවුම දියත් කිරීමේ අවස්ථාව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සීගිරියේ දී අද (27) දින පැවැත්විණි.

මේ මඟින් දේශීය මෙන් ම විදේශීය සංචාරකයන්ට ද පුරාවිද්‍යා ස්ථාන සහ ක්ෂේත්‍රගත තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසේ. ඊට සමගාමීව සීගිරිය ඔසු උයන විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය බෞද්ධ කටයුතු උපදේශක සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍ය අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන, සීගිරිය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සම්භාවනීය පිරිසක් ද සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *