27 April 2024
#දේශීය

නැගෙනහිර ජැටිය ආයෝජනයට පමණයි – රාජ්‍ය ඇමැති ලාන්සා

නැගෙනහිර පර්යන්තය ආයෝජනයකට පමණක් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් අද (24) දින වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

නැගෙනහිර ජැටිය ආයෝජන ව්‍යාප්තියකට ලබා දීම පිළිබදව විපක්ෂය බොරුවට කෑ ගහන බව හෙතෙම පැවසිය. එසේම විපක්ෂය යහපාලන කාලයේ සියයට 85 ක් ඉන්දියාවට විකුණනන්න, බදු දෙන්න ගියේ බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිව කියලා තියෙනවා නැගෙනහිර ජැටිය බදු දෙන්නෙත් විකුණන්නෙත් නැහැ ආයෝජන අවස්ථාවකට පමණක් බවයි.

එසේම ආයෝජන අවස්ථාවකට ලංකාවේ වගේම විදේශීය ඕන කෙනෙකුට ඉඩ දීමට හැකි අතර ආයෝජන කළොත් තමා රැකියා ලැබෙන්නේ බව ලාන්සා මහතා කියා සිටියේය. එමෙන්ම කර්මාන්තපුර මෙන්ම විදේශීය විනිමය ලැබෙන හෙයින් පැහැදිලිව කියනවා නැගෙනහිර පර්යන්තය ආයෝජනයකට පමණක් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්දියාවට, ජපානයට ඒ සදහා අවස්ථාව තිබෙන බවත් වෙනත් රටක් හරි ලංකාවේ කෙනෙකුට හරි ලංකාවේ නීති රීතී වලට යටත්ව ආයෝජනය කරන්න අවස්ථාව තිබෙන බව ලාන්සා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *