• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළි වූ රහසිගත සත්‍ය සඟවයි – විපක්ෂ නායක සජිත්

14 September 2023
in දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කල ජනාධිපති කොමිසමේ වාර්තාව රජයෙන් ඉල්ලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ආකාරයටම එහි රහස් සැගවී ඇති දෙවැනි හා තෙවැනි වෙළුම වත්මන් ජනාධිපතිවරයා විසින් තමාට පවා ලබා ගත නොහැකි ලෙස සඟවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (14) සක්වල පාසල් බස් රථ ලබා දීමේ වැඩසටහනේ 77 වැනි අදියර යටතේ කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රහසිගත හා සංවේදී කරුනු කියා වත්මන් ජනාධිපතිවරයා ද සත්‍ය වසන් කරමින් ජනතාවට තියා විපක්ෂ නායකවරයාටවත් එය කියැවීමට නොහැකි ලෙස සඟවා ඇති බවත් මෙසේ සැඟවීමෙන් ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට අසාධාරණයක් සිදු වන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාදිපතිවරයා කටයුතු කල ආකාරයටම වත්මන් ජනාධිපතිවරයා ද කටයුතු කරමින් සත්‍ය සඟවමින් සිටින බව හෙතෙම පැවසීය.

මේ හේතුවෙන් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බවත් මෙම සත්‍ය දැන ගන්නේ චරිත ඝාතනය කිරීමට නොව ජනතාවට හෙළිකිරීමට බවත් මඩ දේශපාලන සංස්කෘතිය තමා කිසිදු අවස්ථාවක අනුමත නොකරන බවත් මෙසේ සත්‍ය දිගින් දිගටම වසන් වුවහොත් ආගම් ජාති අතර අසමගිය ඇති විය හැකි බැවින් එය හෙලිදරව් කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ සත්‍ය සඟවන රජයක් බැවින් සමගි ජන බලවේග රජයක් යටතේ තරාතිරම නොබලා මඩ දේශපාලන ක්‍රියාත්මක නොකර පාස්කු ප්‍රහාරයට මුල් වූ සතය කාරණා සියල්ල ජනතාවට හෙළි කරන බවයි.

මේ දිනවල බොහෝ පිරිසකට නීච නින්දිත පාස්කු ප්‍රහාරය මතක් වි ඇති බවත් මේ සම්බන්ධ දේශීය මෙන්ම විදේශීයව විවිධ අදහස් ඉදිරිපත් වී ඇති බවත් මේ සම්බන්ධයෙන් රටක් ලෙස සත්‍ය දැන ගත යුතු බවත් ඒ සදහා විනිවිදභාවයෙන් යුක්ත අපක්ෂපාති ස්වාධින පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ විසින් දුන් වැදගත් පොරොන්දුවක් වූයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා හෙළිදරව් කර නීතිය හමුවට ගෙන ඒම බවත් ඒ නිසි ලොකු වරමක් ඔහුට ලැබුණ නමුත් ඔහු බලයට ආ දිනයේ සිට සැම මොහොතකම කටයුතු කළේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරනවා වෙනුවට යටපත් කිරීම බවත් ඒ තුළින් රටේ ජාති භේදය අසමගිය නිර්මාණය වන ලෙස ඔහු කටයුතු කල බවත් කොවිඩ් සමයේ ආදාහනය හා භූමදානය ගැටලුවේදී පවා ඔහු කටයුතු කළේ රටේ ජාතීන් බෙදීමට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතුයි – අගමැති

Next Post

මාතලේ මදුරුවන් බෝවිම වැලැක්විමට දුමායන කටයුතු සිදු කෙරේ

editor

editor

Next Post

මාතලේ මදුරුවන් බෝවිම වැලැක්විමට දුමායන කටයුතු සිදු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved