2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අභියාචනාධිකරණයේදී අද (28) යළි සලකා බැලීමට නියමිතය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහණ අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ මණ්ඩලය ඉදිරියේ මෙම පෙත්සම ඊයේ (27) සලකා බලන ලද අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් මෙනවිය පෙත්සම විභාගයකින් තොරව ඉවත දමන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට බලපෑම් කිරීම් පිළිබඳ තොරතුරු හිටපු සීඅයිඩී නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගෙන් ලබාගත් ප්‍රකාශවල සඳහන් වන බව ඇය අධිකරණයට දන්වා සිටියාය.
இரு පාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව, පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා අද (28) කැඳවීමට අධිකරණය නියෝග කළේය.














