කොංගෝ රාජ්‍යයේ පැතිර යන ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 930 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පසුගිය පැය 24 තුළ පමණක් ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති අතර, එය මෙතෙක් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. පසුගිය මැයි 15 වන දින කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර පළාතේ ඉබෝලා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ අතර, එය මේ වන විට ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.
















