ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන, විදුලිය සහ ජල ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි. වත්මන් වෙළෙඳපොළ දත්ත අනුව රුපියල මෙලෙස බාල්දු වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මහ බැංකුව විසින් වෙළෙඳපොළේ පවතින ඩොලර් සංචිත මිලදී ගැනීම සහ මූල්‍ය පද්ධතිය තුළ රුපියල් අතිරික්තයක් පැවතීම නිසා ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යාම බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ ආනයනික පිරිවැය ඉහළ යන බැවින්, ඉදිරි මාසවලදී ජනතාවට ජීවන වියදම් බර තවත් වැඩිවීමේ “රතු එළි” නිකුත් වී තිබේ. රුපියලේ අගය ස්ථාවර කරගැනීමට කඩිනම් පියවර නොගතහොත් උද්ධමනය යළිත් ඉහළ යාමේ අවදානමක් පවතින බව විශේෂඥයින්ගේ මතයයි.














