27 April 2024
#දේශීය

දේශපාලන නිදහස රැක ගැනීමට ආර්ථික නිදහස අත්‍යවශ්‍යයි – ජනමාධ්‍ය ඇමති බන්දුල

රටක දේශපාලන නිදහස ඇති කර ගැනීමට නම් ආර්ථික නිදහස ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබූයේ ඊයේ (09) 75 වැනි නිදහස් දිනයට පූර්වගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබු පාසල් සිසුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහනට සහභාගී වෙමිනි.

එහීදි අදහස් පල කල අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ” එක්දහස් නවසිය හතලිස් අටේ අපට නිදහස ලැබිල අවුරුදු 75ක්. නිදහස කියන වචනයේ තේරුම අපි නිවැරදිව අවබෝධ කරගත යුතුය. 1815 කන්ද උඩරට ගිවිසුම හරහා බ්‍රිතාන්‍යයට රට බාර දුන්නා. එදා සිට කන්ද උඩරට වැසියන් එය රට පාවා දීමක් ලෙස සැලකුවේ නැහැ. රට බ්‍රිතාන්‍යයට බාරදෙන අවස්ථාවේ කොබ්බැකඩුව මහනායක හාමුදුරුවන් කළ කතාවෙන් බ්‍රිතාන්‍යයන් කෙරෙහි තැබූ විශ්වාසය පැහැදිලි වෙනවා. නමුත් රටේ බහුතරය අදටත් විශ්වාස කරන්නේ එය රට පවා දීමක් හැටියටයි. එහෙම තමයි එය සැලකිය යුත්තේ”. “බ්‍රිතාන්‍යයන් රට යුද්ධ වලින් පාලනය කරනවා වෙනුවට තේ හරහා ආනයන අපනයන ආර්ථිකයක් ගොඩනගනු ලැබුවා. අපේ ඉතිහාස උරුමයන් වෙනසකට ලක්කිරීමට කටයුතු කරනු ලැබුවා. ඔවුන්ගේ සිතුම් පැතුම් චාරිත්‍ර වාරිත්‍ර වලට ගැලපෙන පැලැන්තියක් ලාංකීය සමාජය තුල නිර්මාණය කරනු ලැබුවා. ආයුධ වෙනුවට ලංකාවේ සාමාන්‍ය වෙනස් කිරීමට ඔවුන් විවිධ උපාය, උපක්‍රම භාවිත කරනු ලැබුවා. මෙම තත්වයන් පුළුල් අවබෝධයක් සහිතව, අවබෝධයෙන් යුක්තව ලාංකිකයන්ට සිදුවන අගතිය තුන්කල් දක්නා නුවනින් පෙන්වා දෙනු ලැබුයේ අනගාරික ධර්මපාල බව මගේ විශ්වාසයයි. “
“රටක දියුණු ජාතියක් බිහි වීමට නම් අලුත් අලුත් දේ නිර්මාණය විය යුතුයි. නව උත්පාදන ඇතිවිය යුතුයි. මේ සදහා පාසල් අධ්‍යාපනයේ සිටම ආකල්පමය වෙනසක් වගේම තාක්ෂණික අවබෝධයක් ඇතිවීම අවශ්‍ය වෙනවා. අපේ අලුත් පරම්පරවේ දරුවන් විශේෂ දක්ෂතා හැකියාවන් තිබෙන බව රටටත් ලෝකයටත් ඔප්පු කර පෙන්වා තිබෙනවා. මෙම තත්වය වඩාත් ඉහලට ඔසවා තැබීමේ අරමුණින් තමයි මම අධ්‍යාපන ඇමතිවරයකු වී සිටියදී තාක්ෂණ විෂයන් අධ්‍යාපන විෂය මාලාවට ඇතුලත් කළේ. ඒ හරහා නව ලෝකයට ගැලපෙන දැනුම් සම්භාරයක් සහිත දරු පරම්පරාවක් බිහි කිරීම තමයි අපේ අපේක්ෂාව උනේ.””නිදහස කියන වචනය ඇතුලේ පුළුල් අර්ථයක් හම්බ වෙලා තියෙනවා. රටක දේශපාලන නිදහස ශක්තිමත් වීමට නම් ආර්ථික නිදහස ඇතිකර ගැනීම අවශ්‍ය වෙනවා. දැනුමෙන් සන්නද්ධව රටේ ජනතාවට ආදරය කරන දේශපාලඥයින් මේ සිසු දරුවන් අතරින් බිහිවෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට පාසල් සිසුන්, ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *