• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ECU – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියන් සඳහා වැඩමුළුවක් පවත්වයි

18 July 2022
in ව්‍යාපාර

ශ්‍රී ලංකාව තුළ පූර්ණ ඕස්ට්‍රේලියානු උපාධි පාඨමාලා පිරිනමන රටේ කීර්තිමත්ම උසස් අධ්‍යාපන ආයතනයක් වන Edith Cowan University (ECU) – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් පසුගියදා සාර්ථක අයුරින් පැවැත්වීය.

වර්තමානයේ මතුවෙමින් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කේෂතුයේ නිරතවූවත් පත්වන පීඪාකාරී තත්වය හේතුවෙන් හෙද වෘත්තියේ විවිධ අංශයන්ගේ වර්ධනය කිරීමේ අරමුණින් ජයවර්ධනපුර රෝහල් ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සඳහා රෝහලේ හෙද නිලධාරින් 50 කට අධික පිරිසක් සහභාගී විය.

මෙම හෙද වැඩමුළුව ECU හි පුළුල් සමාජ තිරසාරභාවය සහ තිරසාර කුසලතා සංවර්ධන වැඩසටහන්වල කොටසක් ලෙසත්, ආයතනයේම හෙද වැඩසටහනට සහාය වීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූවකි.

ECU හි හෙද අධ්‍යයන වැඩසටහන් කැඳවුම්කරු මයුමි පෙරේරා මහත්මිය මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ, “අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ අවස්ථාවේ විවිධ අභියෝගවලට මුහුණ දී සිටිනවා. එබැවින් හෙද නිලධාරියාගේ කාර්යභාරය ඉතා අභියෝගාත්මක හා තීරණාත්මක වී තිබෙනවා. එමනිසා හෙද වෘත්තීය සංවර්ධනය මූලික අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්‍රයක් වී තිබෙනවා. මේ නිසා මෙම වැඩසටහන තුළින් අප ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ හෙද සේවාව දියුණුව උදෙසා ඔවුන් වෙත දැනුම, දිරිගැන්වීම සහ කුසලතා වර්ධනය කිරීම අරමුණු වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මෙවැනි කාර්යයන් කිරීමටත් අපි අපේක්ෂා කරනවා.”

ECU – Sri Lanka මගින් මෙහෙයවනු ලැබූ මෙම හෙද වැඩමුළුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද අංශයේ මහාචාර්ය තමාරා අමරසේකර, ECU විශ්වවිද්‍යාලයේ හෙද සහ වින්නඹු මාතා විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා වෛද්‍ය ටානියා බීමන්ට් සහ ශ්‍රී ලංකාවේ ECU හි අධ්‍යයන වැඩසටහන් කැඳවුම්කරු මයුමි පෙරේරා මහත්මයගෙන් සමන්විත දේශක මණ්ඩලයකගේ සහභාගිත්වයෙන් මෙම සුවිශේෂ වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලැබීය.

Edith Cowan University – Sri Lanka (ECU Sri Lanka) යනු Edith Cowan විශ්වවිද්‍යාලයේ සිව්වන මණ්ඩපය වන අතර, එය ශ්‍රී ලංකාවේදීම සම්පූර්ණ උපාධියක් ලබාදෙන ගෝලීය තලයේ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පහසුකම් ලබාදෙන ආයතනයකි. වර්තමානය වන විට මෙම විශ්වවිද්‍යාලය මඟින් දේශීයව Bachelor of Commerce, Bachelor of Computer Science, Bachelor of Science (Cybersecurity), Bachelor of Science (Biomedical Science), Bachelor of Design (Games and Interactive Design) සහ Bachelor of Science (Nursing Studies) ආදී පාඨමාලාවන් දියත් කරනු ලබයි.

ඕස්ට්‍රේලියාවේ ඉහළම පිළිගැනීමක් සහිත විශ්වවිද්‍යාලයක් වන Edith Cowan University, වාර්ෂිකව රටවල් 100ක පමණ ප්‍රමාණයකින් අන්තර්ජාතික සිසුන් 600කට අධ්‍යාපන අවස්ථා විවර කර දෙනු ලබන අතර, එහි උපාධි සහ පශ්චාත් උපාධි සිසුන් 30,000කට අධික ප්‍රමාණයට අධ්‍යාපන කාර්යයේ නිතර වේ. මෙහි කලා සහ මානව ශාස්ත්‍ර (Arts and Humanities),ව්‍යාපාර සහ නීතිය (Business and Law), අධ්‍යාපන (Education), ඉංජිනේරු (Engineering), වෛද්‍ය සහ සෞඛ්‍ය විද්‍යාව (Medical and Health Sciences), හෙද සහ වින්නඹු (Nursing and Midwifery),විද්‍යාව (Science) සහ බටහිර ඕස්ට්‍රේලියානු රංගකලා ඇකඩමිය (Western Australian Academy of Performing Arts -WAAPA) ඇතුළු පාසල් අටක් පාඨශාලා අටක් ස්ථාපිත කර ඇත.

 

Post Views: 10
Previous Post

පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාමට චීනයෙන් පරිත්‍යාගයක්

Next Post

උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

editor

editor

Next Post

උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved