ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවට අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටු කළ ‘දිවයින’ සමාරම්භ ප්‍රධාන කර්තෘ මෙන්ම ප්‍රථම කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂවරයා වූ විශ්‍රාම සුවය විඳින එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එතුමන්ට දිගාසිරි ප්‍රාර්ථනා කිරීම සඳහා ආදි ‘දිවයින’ සාමාජික පිරිසක් කඩුවෙල බෝමිරියේ පිහිටි එතුමන්ගේ නිවස වෙත ගොස් තිබේ.
මෙම අවස්ථාව සඳහා ජනක රත්නායක, ගයිරුක පේරුසිංහ, ජයන්ත චන්ද්‍රසිරි, විනී හෙට්ටිගොඩ, ශාන් විජේතුංග, සිසිර පරණතන්ත්‍රි, සුන්දර නිහතමානී ද මැල්, අශෝක ඩයස්, පද්මා වේරගොඩආරච්චි, දීප්ති ප්‍රමිතා අධිකාරි, ටී. එම්. ජී. චන්ද්‍රසේකර, හර්ශන ජයතිලක සහ රන්ජන් පරණවිතාන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, තවත් බොහෝ පිරිසක් දුරකථනය ඔස්සේ ද තම ආශිර්වාදය පළ කර ඇත.














