අප්‍රේල් 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
නොවැලැක්විය හැකි හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති අතර, විභාගය පැවැත්වෙන නව දිනය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. 2025 වර්ෂයට අදාළව 2026 වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම විභාගය කල් දැමීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.













