මෙවර හජ් උත්සවය (ඊදුල් අල්හා) එළඹෙන මැයි මස 28 වැනිදා සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය (Colombo Grand Mosque) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 12 වන සහ අවසාන මාසය වන ‘දුල් හජ්’ මාසය සඳහා වන නව සඳ අද (17) දින ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකට දර්ශනය වී නොමැති බව කොළඹ මහ පල්ලිය සහ නව සඳ බැලීමේ කමිටුව තහවුරු කළේය.
ඒ අනුව, වත්මන් මාසය දින 30කින් සම්පූර්ණ වන අතර නව මාසයේ ආරම්භය හෙවත් දුල් හජ් මාසයේ පළමු දිනය මැයි මස 19 වනදා ලෙස සලකනු ලබයි. එම ගණනය කිරීමට අනුව ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය මැයි මස 28 වනදාට යෙදී ඇති බව කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් දන්වා සිටියි.














